නිපැයුම් සහ සේවාවන්

ආයෝජන

ඉතුරුම්


5.00% දක්වා වාර්ෂික පොලියක්.


අවුරුදු 18 ඉක්මවූ තැන්පත්කරුවන් හට වැඩි පොලියක් සමග අනෙක් සියලූ පහසුකම් භුක්ති විඳිය හැක. ඉතුරුම් ශේෂය වැඩි වන තරමට පිරිනැමෙන පොලී අනුපාතය ද වැඩි කෙරේ.

රු. 1,000/-ක අවම මුදලකින් ගිණුම ආරම්භ කළ හැක.


6.75% දක්වා වාර්ෂික පොලියක්


අවුරුදු 18ට අඩු ළමයින් සඳහා සාමාන්‍ය ඉතුරුම් සඳහා හිමි වනවාට වඩා ඉහළ විශේෂ පොලී අනුපාතිකයක් පිරිනැමේ. ඊට අමතර ව ළමා ඉතුරුම් හිමි දරුවන් හට ගිණුම් ශේෂයට අනුව ආකර්ෂනීය ත්‍යාග ද ලැඛෙනු ඇත.සෙන්ට්‍රල් ෆිනෑන්ස් ළමා ගිණුම් කාණ්ඩ 2 පහත දැක්වේ.

රු. 500/-ක අවම මුදලකින් ගිණුමක් ආරම්භ කළ හැක.


6.25% දක්වා වාර්ෂික පොලියක්.


වැඩියෙන් ඉතිරි කර වැඩි ප්‍රතිලාභ ලබාගැනීමට අපේක්ෂා කරන තැන්පත්කරුවන් හට මෙම ඉතිරුම් ගිණුම මැනවින් ගැලපේ. මෙම ගිණුම වෙත චෙක්පත් තැන්පත් කිරීමේ පහසුකම ද අවශ්‍ය නම් කිසිදු ගාස්තුවකින් තොරව ලබාගත හැක.

රු. 10,000/-ක අවම මුදලකින් ගිණුම ආරම්භ කළ හැක.


5.00% දක්වා වාර්ෂික පොලියක්.


සෙන්ට්‍රල් ෆිනෑන්ස් සුපර් සේවිංග්ස් ගිණුම ඇත්තේ තමන් ඉතුරුකරන මුදල් සඳහා ඉහළම ප්‍රතිලාභ පතන තැන්පත්කරුවන් වෙනුවෙනි. මෙහිදී, තැන්පත්කරුට සිය ඉතුරුම් ගිණුමේ තමාට අභිමත මුදල් ප්‍රමාණයක් රඳවා තැබීමට සලස්වා, වැඩිමනත් ශේෂය කැමති කාලසීමාවක් සඳහා ස්ථාවර තැන්පතුවකට මාරු කිරීමේ හැකියාව ලැබේ. අදාළ මුදල ඉතුරුම් ගිණුමේ පවත්වාගැනීමේ කි්‍රයාවලිය ස්වයංක්‍රීය ව සිදු වන අතර තැන්පත්කරු හට ඉතුරුම් ගිණුමට හා ස්ථාවර තැන්පතුවට ලැඛෙන පොලී ද්විත්වයම භුක්ති විඳිය හැකිය.

රු. 1,000/-ක අවම මුදලකින් ගිණුම ආරම්භ කළ හැක.


5.50% දක්වා වාර්ෂික පොලියක්.


මෙම ඉතුරුම් ගිණුම අදාළ වන්නේ වයස අවුරුදු 60 ඉක්මවූ අයටයි. ඉහළ ප්‍රතිලාභ සහ වෙනත් බොහෝ ප්‍රතිලාභ පිරිනැමෙන මෙම ගිණුම, තමා සතු මුදල් සුරක්ෂිත හා සුනම්‍ය ආකාරයකට ආයෝජනය කිරීමට අවශ්‍ය ජෙෂ්‍ය්ඨ පුරවැසියන්ට ඉතා කදිමට ගැලපෙන්නකි.

රු. 1,000/-ක අවම මුදලකින් ගිණුම ආරම්භ කළ හැක.

තැන්පතු


10.00% දක්වා වාර්ෂික පොලියක්.


මෙය සම්මත ආකාරයේ තැන්පතු ක්‍රමයක් වන අතර, මාස 9 සිට මාස 60 දක්වා පරාසයක ස්ථාවර කාලසීමාවක් වෙනුවෙන් ඔබේ මුදල් තැන්පත් කළ හැකි වේ. පොලී මුදල් ලබාගැනීම මාස්පතා හෝ කල් පිරීමේ දී යන විකල්ප අතරින් තැන්පතුකරුවන්ට සිය අභිමතය පරිදි තෝරාගත හැකිය.

අවම තැන්පතු වටිනාකම රු. 5,000/-කි.


10.00% දක්වා වාර්ෂික පොලියක්.


ඔබේ ආදායමට සරිලන පරිදි කුඩා වටිනාකමින් යුත් තැන්පතු මගින් ආයෝජන කිරීමේ නම්‍යශීලීත්වය මෙම නිපැයුම මගින් පිරිනැමේ. මෙම ක්‍රමය යටතේ භාරගනු ලබන අවම තැන්පතුවේ වටිනාකම කලින් කලට පොලී අනුපාතිකයේ විචලනය අනුව තීරණය කෙරෙනු ඇත.පොලිය ගෙවනු ලබන්නේ කල් පිරීමේ දී පම‚. තැන්පතු කාලසීමාව මාස 12 සිට 60 දක්වා විහිදෙයි.

අවම තැන්පතුව - පවතින පොලී අනුපාතික අනුව වෙනස් වනු ඇත.


10.50% දක්වා වාර්ෂික පොලියක්.


ඉහළම ප්‍රතිලාභ සහ විශේෂ වාසි රැසක් පිරිනැමෙන මෙම සුවිශේෂී තැන්පතු ක්‍රමය, වයස අවුරුදු 60 ඉක්මවූ ඉතිරි කරන්නන් වෙනුවෙන් හඳුන්වාදී ඇත. පොලිය මාසික ව හෝ කල් පිරීමේ දී ගෙවනු ලැබේ.

අවම තැන්පතු වටිනාකම රු. 5,000/-කි.


8.50% දක්වා වාර්ෂික පොලියක්.


මෙම කෙටි කාලීන තැන්පතු ක්‍රමය මගින් තැන්පතු කාලසීමාව මාස 1 සිට මාස 6 දක්වා පරාසය තුළ තෝරාගැනීමේ අවස්ථාව තැන්පත්කරුට ලබාදෙයි. පොලිය මාසික ව හෝ කල් පිරීමේ දී ගෙවනු ලැබේ.

අවම තැන්පතු වටිනාකම රු. 5,000/-කි.


10.00% දක්වා වාර්ෂික පොලියක්.


තැන්පතු සංචලනය පිළිබඳ මිනුම් දණ්ඩක් බඳු මෙම නිපැයුම යටතේ තම තැන්පතුව වෙනුවෙන් දින 30ක සිට දින 1825 (වසර 5) දක්වා කාලසීමාවක් තැන්පත්කරුට තෝරාගත හැකිය. පොලිය ගෙවනු ලබන්නේ කල් පිරීමේ දී පමනි.

අවම තැන්පතුව රු. 1,000/-කි.

සෙන්ට්‍රල් ෆිනෑන්ස් වීසා ඩෙබිට් කාඩ්පත්

Central Finance Debit card

සෙන්ට්‍රල් ෆිනෑන්ස් වීසා ඩෙබිට් කාඩ්පත මගින් වැඩි පහසුවක් සැපයෙනවා පමණක් නොව, ඔබේ ඉතුරුම් ගිණුමට වැඩි පිළිගැනීමක් සමග විවිධ ආකාරවලින් ගනුදෙනුවල යෙදීමේ හැකියාව ද ලැබේ. සෙන්ට්‍රල් ෆිනෑන්ස් හි සියලූම ඉතුරුම් ගිණුම් හිමියන් සඳහා විශේෂිත ව දවසේ පැය 24 පුරා හා වසරේ සෑම දිනකම එම සේවාව ලබාගත හැකිය.සෙන්ට්‍රල් ෆිනෑන්ස් වීසා ඩෙබිට් කාඩ්පත මගින් ඉටු කරගත හැක්කේ ටෙලර් යන්ත්‍ර (ATM) මගින් කළ හැකි මුදල් ආපසු ගැනීම, ශේෂය පිරික්සීම වැනි ගනුදෙනු පමණක් නොවන අතර දේශීය මෙන්ම ජාත්‍යන්තර සුපිරි වෙළෙඳ සැල්, වෙළෙඳ සංකීර්ණ, අවන්හල් ඇතුළු වෙළෙඳ, සේවා හා අළෙවි ආයතන ජාලයක් වෙත පහසුවෙන් පිවිසීමට ද එමගින් හැකියාව ලැබේ. ක්ෂණික ඇමතුම් අංකය : +94 11 2300535

සෙන්ට්‍රල් ෆිනෑන්ස් කලින් පොලී

CF kalinpoli-main

ඔබගේ ස්ථාවර තැන්පතුවට හිමි පොළිය තැන්පතු කාල සීමාව මාසයක කාලයක් ඉක්මවූ පසු ඕනෑම අවස්ථාවක අනාගතයේදී හිමිවීමට නියමිත පොළියෙන් කොටසක් හෝ මුළු පොළී මුදලම නිශ්චිත වට්ටම් පොළී ප්‍රතිශතයකට යටත්ව තැන්පතුව කල් පිරීමට පළමුව ලබා ගැනීමේ සුවිශේෂී අවස්ථාවක් අප ගණුදෙනුකරුවන් වන ඔබ හට හදුන්වාදී ඇත.

වාහන මිලදී ගැනීම

Careka.lk

Central Finance Fleet Hire

Careka.lk යනු, රට පුරා ඕනෑම මාදිලියක වාහනයක් මිලදී ගැනීම, විකිනිම, වෙළෙඳාම හෝ ෆිනෑන්ස් පහසුකම් ලබාගැනීම සඳහා සැමවිටම විවෘත ව ඇති, ඕනෑම තැනක සිට පරිහරණය කළ හැකි, මෙරට ප්‍රමුඛතම අන්තර්ජාලගත වෙළෙඳ සේවා සම්පාදක අඩවියකි. මෙහි සේවාවන් ලබාගැනීමට කිසිදු ගාස්තුවක් අය නොකෙරේ. ඔබේ වාහනය වඩාත් පහසුවෙන් අළෙවි කරගැනීමට ඔබ කළ යුත්තේ ක‍්රුන්ගකන හි දැන්වීමක් පළ කිරීමයි. එම දැන්වීම ජාලගත ලෙස ප්‍රදර්ශනය වීමට ගත වන්නේ විනාඩි 2කටත් අඩු කාලයකි.

එසේම අන්තර්ජාලගත ප්‍රදර්ශනයට අමතරව පාරිභෝගිකයන් හට සැබෑ ලෙසම වාහන පරීක්ෂා කිරීම සඳහා පැමිණිය හැකි අළෙවි ප්‍රදර්ශනාගාර මාලබේ හා නිට්ටඹුව යන නගරවල පිහිටුවා ඇති නිසා දිවයිනේ අනෙකුත් ජාලගත වෙළෙඳ සේවා සැපයුම් අඩවි අතරින් අපගේ අඩවිය සුවිශේෂී වේ. අන්තර්ජාලයේ අතත්‍ය වෙළෙඳ වේදිකාවට (virtual trading platform) අමතර ව වාහන පිළිබඳ සියලූ විස්තර හා තොරතුරු තත්‍ය හා පි්‍රය ජනක අත්දැකීමක් ලෙස එම ප්‍රදර්ශනාගාර වෙත පැමිනිමෙන් ලබාගත හැක. එලෙස එකම වහළක් යට දී පුළුල් මාදිලි රැසකට අයත් වාහන සමූහයක් අතරින් ඔබ කැමති වාහනය තෝරාගැනීමේ අවස්ථාව උදා වේ.

එපමණක් ද නොව. මගින් ඔබට මග කියන (මාර්ග සිතියම්) සේවාවක් ද Careka.lk ඔස්සේ ක්‍රිරයාත්මකය. එමගින් එකකට වැඩි වාහන ප්‍රමාණයක් තෝරාගැනීමේ අවස්ථාව ලැඛෙන අතර, එම වාහන තිඛෙන ස්ථාන වෙතට යා හැකි කෙටිම මාර්ගයන් GPS තාක්ෂණය හරහා පෙන්නුම් කරන ක්‍රමයක් මෙහි අඩංගුය. (මෙම විශේෂාංගය ශ්‍රී ලංකාවේ දී පිරිනැමෙන්නේ පළමු වරටයි) තවද, වාහන කිහිපයක් හා ඒවායේ අංගෝපාංග හා විශේෂාංගයන් එකවර සසඳා බැලීමට ඉඩ සලසන මෙරට ඇති එකම ජාලගත වෙබ් වේදිකාව (online platform) ද මෙය වේ.

මූල්‍ය සම්පාදනය

කල්බදු

Central Finance Leasing

වසර 60 ඉක්මවා ශ්‍රී ලංකාවේ කල්බදු සේවා ක්ෂේත්‍රය තුළ පෙරමුණ ගෙන කටයුතු කරන අපි, අවම කාලයක් ගත කරමින් වාහන හා යන්ත්‍රෝපකරණ ප්‍රභේද ගණනාවක් සඳහා ෆිනෑන්ස් පහසුකම් ලබාදීමේ කාර්යක්ෂම නම්‍යශීලී සේවාවන් පිරිනමමු.
බ්‍රෑන්ඩ් නිව් සහ අලූත්වැඩියා කරන ලද කාර්, බස්, ලොරි, ති්‍රරෝද රථ, ජීප්, ට්‍රැක්ටර්, කෘෂිකාර්මික යන්ත්‍රෝපකරණ හා ඉදිකිරීම් අංශයේ යන්ත්‍ර සූත්‍ර සඳහා කල්බදු පහසුකම් සලසන අතරම, පාවිච්චි කරන ලද වාහන හෝ යන්ත්‍ර සඳහා ප්‍රති-කල්බදු පහසුකම් ලබාදීමෙන් ද අපි ඔබට සහාය වෙමු.
ඔබට අවශ්‍ය කාරක ප්‍රාග්ධනය සපයාගැනීමට සහ හදිසි මුදල් අවශ්‍යතාවන් ඉටු කරගැනීමට උපකාරී වනු පිණිස සාම්ප්‍රදායික කල්බදු ආකෘතියට වඩා සරල හා වේගවත් විද්‍යානුකූල ලේඛන ක්‍රමයක් හා ඇගයුම් පටිපාටියක් අපි සකස්කර ඇත්තෙමු. අප පිරිනමන කල්බදු පහසුකම්, වසරේ විවිධ වකවානුවලට (උත්සව කාලයන් වැනි) අනුව සහ අසමාන මුදල් සංසරණ චක්‍රයන්ට ගැලපෙන ආකාරයට ව්‍යුහගත කිරීමේ හැකියාව ද පවතී.

0112038038 අංකයෙන් ring cut ලබා දෙන්න, අපි ඔබට නැවත කතා කරන්නෙමු

ව්‍යාපාරික ණය

Business Loans

ඔබේ ව්‍යාපාරයේ කාරක ප්‍රාග්ධනය අවශ්‍යතාවන්, යන්ත්‍රෝපකරණ මිලදී ගැනීම් හෝ ව්‍යාපාරය පුළුල් කිරීමේ ව්‍යාපෘති ආදිය සඳහා නම්‍යශීලී මූල්‍ය විසඳුම් ද සෙන්ට්‍රල් ෆිනෑන්ස් සමාගම පිරිනමයි.

වැඩි විස්තර සඳහා dulinis@cf.lk විද්‍යුත් තැපෑලෙන් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සහ ව්‍යාපාර මූල්‍ය දෙපාර්තමේන්තුව අමතන්න.

කුලී රථ

සමූහ කුලී රථ

Central Finance Fleet Hire

මෙය ඔබ තෝරාගත් ඕනෑම වාහනයක් ෆිනෑන්ස් කිරීමට හැකි පහසු හා වියදම් අඩු ක්‍රමයකි. එපමණක් නොව ඔබේ සමාගමේ ශේෂ පත්‍රයේ පෙන්නුම් නොකෙරෙන ආකාරයට වාහන අත්කර ගත හැකි එකම ක්‍රමය ද මෙය පමණයි. මෙහිදී සාමාන්‍ය මාසික ගෙවීමකින්ම පමණක් විස්තීර්ණ පැකේජයන් 2ක් අතරින් කැමති පැකේජය තෝරාගැනීමට ඔබට හැකිය. මාර්ගස්ථ නඩත්තු සේවාව ඉන් එකකට පිරිනැමෙන අතර අනෙකට හිමි නොවේ.

මාර්ගස්ථ නඩත්තු සේවා සහිත ව වාහනයක් තෝරාගැනීමේ ප්‍රතිලාභ:

අපේ අලෙවි නිලධාරීන්


රු. 2,300/-

දිනකට

  • මරුටි 800CC
  • ඇල්ටෝ 800CC කාර් - රු .3,400/-
  • විවා එලයිට් 1000CC - රු .2,900/-
  • බදු ඇතුළුව දිනකට

  • මැනුවල් ගියර් පද්ධතිය
  • දෛනික වාරිකය
  • වායු සමනය කළ
  • කරදර රහිත තමාම පදවාගෙන යන කුලී රථය


රු.3,700/-

දිනකට

  • සුසුකි ඒ ස්ටාර්
  • Daihatsu Mira - රු.4,000/ -
  • හයුන්ඩායි ග්රෑන්ඩ් i10 1,000CC - රු.4,800/-
  • බදු ඇතුළුව දිනකට

  • ස්වයංක්‍රිය ගියර් පද්ධතිය
  • දෛනික වාරිකය
  • වායු සමනය කළ රථ සමූහය
  • තමා විසින්ම පදවාගෙන යෑම


රු.3,700/- සිට රු.6,700/- දක්වා

දිනකට

පූර්ව-හිමිකාරිත්ව මෝටර් රථ රැසක් කුලියට විවිධ දෛනික වාරිකවලින් ලබාගත හැක.

  • දෛනික වාරිකය
  • වායු සමනය කළ සෙඩාන් රථ
  • මෝටර් රථ මාදිලිය හා ස්වයංක්‍රිය ද මැනුවල් ද යන කරුණු මත මිල පදනම් වේ

රක්ෂණය

සෙන්ට්‍රල් ෆිනෑන්ස් ඉන්ෂුවරන්ස් බ්‍රෝකර්ස් පෞද්ගලික සමාගම

සෙන්ට්‍රල් ෆිනෑන්ස් ඉන්ෂුවරන්ස් බ්‍රෝකර්ස් (CFIB) යනු සෙන්ට්‍රල් ෆිනෑන්ස් පීඑල්සී සමාගමට සම්පූර්ණයෙන් අයත් අනුබද්ධිත 1986 දී ආරම්භ කළ ආයතනයකි.

1986 අංක 42 දරන රක්ෂණ පාලන සංශෝධන පණතට අනුව දේශීය වෙළෙඳ පළ තුළ රක්ෂණ තැරැව්කාර සංකල්පය පිළිගැනීමට ලක් වූ විට මෙම ක්ෂේත්‍රයට පළමුවෙන්ම අවතීර්ණ වූ සමාගම් අතර සෙන්ට්‍රල් ෆිනෑන්ස් ද විය. දශකයක් ඇතුළත සමාගම විසින් හසුරුවන ලද රක්ෂණ ව්‍යාපාර කටයුතු ප්‍රමාණය කොතෙක් ඉහළ නැඟුණි ද යත් සිය සේවාලාභීන් වෙත පළමු පංතියේ රක්ෂණ තැරැව්කාර සේවාවන් පිරිනමන පිණිස 1996 දී CFIB සමාගම පිහිටුවන්නට යෙදු.

මෝටර් රක්ෂණය සම්බන්ධ කරුණු

Motor Insurance matters
Mr. Sesiri Pethangoda - SAGM Operations CFIB
sesirip@cf.lk
Motor Claims Assistance
Mr. Namal Silva -Asst. Manager(Motor Claims)- CFIB
namals@cf.lk

පාරිභෝගික සේවා සම්බන්ධ කරුණු

Complaints/ Inquiries
Ms. Saumya Dediyagala- Executive(Customer Service)
customerrelationscfib@cf.lk

පෞද්ගලික රක්ෂණය

අපගේ පුහුණු උපදේශකයන් විසින් එදිනෙදා ආරක්ෂණ පදනම මත සැලසුම් කර ඇති මූල්‍ය නිපැයුම් මාලාවක් ඔබ වෙත හඳුන්වාදෙනු ඇත.

  • රථවාහන රක්ෂණය
  • ගෘහ රක්ෂණය
  • පෞද්ගලික හදිසි අනතුරු රක්ෂණය
  • සෞඛ්‍ය හා ශල්‍යකර්ම රක්ෂණය
  • ජීවිත රක්ෂණය
  • ගමනාගමන රක්ෂණය

ආයතනික රක්ෂණය

අපගේ පළපුරුදු තැරැව්කාර කණ්ඩායම විසින් ඔබගේ ව්‍යාපාරය මැනවින් සුරක්ෂිත කරගැනීමේ වැදගත්කම මත උපදෙස් ලබාදෙමින් කර්මාන්ත අංශ රැසක් සඳහා ආරක්ෂණ විධිවිධාන පිළියෙල කරදීමට කටයුතු කරනු ඇත.

  • රථවාහන රක්ෂණය
  • දේපළ රක්ෂණය
  • සේවක සුරැකුම් රක්ෂණය
  • වගකීම් රක්ෂණය
  • ඉංජිනේරු කටයුතු රක්ෂණය
  • සාමුද්‍රික රක්ෂණය

අපගේ සේවාවන්

Central Finance Branch Map

පුළුල් ශාඛා ජාලයක් අප සතු බැවින් ශ්‍රී ලංකාව පුරා විසිරී සිටින ගනුදෙනුකරුවන් හට පහසු සේවාවන් පිරිනැමීමේ හැකියාව අපට ලැබී ඇත. සේවාලාභීන් වෙත වියදමකින් තොරව අප සපයනු ලබන සේවාවන් අතරින් කිහිපයක් :

ලබාදිය හැකි හොඳම නියමයන් හා අනුපාතිකයන් පිළිබඳ තොරතුරු ලබාදීම, වන්දි ලබාගැනීමට උපකාරී වීම ඇතුළු අළෙවියෙන් පසු ඉහළම කාර්යක්ෂම සේවාවක් සැපයීම

පුළුල් වෙමින් පවතින අපගේ ශාඛා ජාලය හරහා ශ්‍රී ලංකාව පුරා ගනුදෙනුකරුවන් වෙත සේවාවන් පිරිනැමීම

අවදානම ඇගයීමට උපකාර කිරීම -ඔබේ ආයතනය මුහුණපෑමට ඉඩකඩ ඇති අවදානම් තත්ත්ව සම්බන්ධයෙන් දැනට පවතින රක්ෂණ විධිවිධානයන් පරීක්ෂා කිරීමෙන් පසු ඔබගේ තැකීම සම්බන්ධයෙන් සැලකිරීමට අපි පියවර ගන්නෙමු.

වෙළෙඳපළ සම්බන්ධතා පාලනය -ජාත්‍යන්තර වශයෙන් කීර්තිමත් ප්‍රතිරක්ෂකයන් හා තැරැව්කරුවන් සමග සහයෝගයෙන් අප කටයුතු කරන නිසා විශේෂිත හා විශාල අවදානම් සහගත රක්ෂණයන් ගැන විශේෂාකාරයෙන් සලකන විට ප්‍රත්‍යක්ෂ වශයෙන් වාසිදායක තත්ත්වයක් අප සතු ව ඇත. යම්කිසි විශේෂිත වර්ගයකට අයත් අවදානම් ක්ෂේත්‍රයක් උදෙසා පවතින දේශීය අය ක්‍රම ව්‍යවහාර කළ නොහැකි අවස්ථාවල දී ඒ වෙනුවෙන් ලොව පුරා රක්ෂණ ආයතන කෙරෙන් මිලගණන් ලබාගෙන ඒ අතරින් හොඳම මිල ගණනට සේවාදායකයා මනාප දේශීය රක්ෂණ සමාගමක් මගින් රක්ෂණාවරණය සලසාදීමේ හැකියාව ද අපට ඇත. එසේම දේශීය වශයෙන් ඉදිරිපත් කර නැති රක්ෂණාවරණයන් මෙරට රක්ෂණ සමාගමක් වෙතින් ලබාදීමේ හැකියාව ද අප සතුය.