ලූහුඩු විමසුම

1957 සිට මූල්‍යමය ගැටලූ උදෙසා ක්‍රියාශීලී සහ නවෝත්පාදක විසඳුම් සම්පාදනයේ යෙදෙන සෙන්ට්‍රල් ෆිනෑන්ස් පීඑල්සී සමාගම, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සේවා නිවහන ලෙස සැලකිය හැක. වත්කම් කල්බදු, කුලී කොන්ත්‍රාත්, සමූහ රථ කළමනාකරණය, රක්ෂණ තැරැව්කිරීම, ක්ෂුද්‍ර මූල්‍ය සහ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකත්ව ණය ඇතුළු විවිධාංගීකෘත සේවා සමූහයක් සමග පුළුල් වපසරියක ඉතුරුම් හා තැන්පතු නිපැයුම් රැසක් අපගේ ගනුදෙනුකරුවන් වෙත පිරිනමමින් ඔවුන්ගේ විවිධාකාර මූල්‍ය අවශ්‍යතාවන් හා අභිලාෂයන් ඉටු කිරීම සඳහා සහාය වීමට අපි කැප වී සිටින්නෙමු.

සමාරම්භකයන් විසින් කාවැද්දූ අදහස් අනුව ද ගනුදෙනුකරුවන් කෙරෙන් පැනනගින උවමනාවන්ට සරිලන සේ සැලසුම් කළ මූල්‍ය සේවා නිපැයුම් නිරතුරු නිකුත් කරමින් නව්‍යකරණයේ වටිනාකම් නොපිරිහෙළා රඳවා තබාගැනීමට අපි නොකඩවා කටයුතු කරමින් සිටිමු. එමෙන්ම අපගේ අත්දැකීම්, නිපුණත්වය හා දීපව්‍යාප්ත ශාඛා ජාලය මගින් සෑම සියලූ කල්හි ම අප ගනුදෙනුකරුවන් වෙත උත්කෘෂ්ට සේවාවන් සැපයීමේ හැකියාව අපට හිමි වී ඇත. විශිෂ්ටත්වයේ ධජය පෙරටු කරගත් අපේ අරමුණ වන්නේ, ඔබ ද දියුණුවෙන් දියුණුවට යමින් බොහෝ ඵල දරන පිනිස ඔබට මූල්‍ය විසඳුම් අවශ්‍ය ඕනෑම මොහොතක ඔබගේ උපකාරය සඳහා ඉදිරිපත් වීමයි.

මෙහෙවර

අපගේ ක්ෂේත්‍රයේ ප්‍රමුඛත්වය දැරීම ද වගකිව යුතු අන්දමින් ව්‍යාපාර කටයුතු පවත්වාගැනීම ද අප සතු ප්‍රවීණත්වය යොදාගනිමින් ගනුදෙනුකරුවන් හට දියුණුව හා සමෘද්ධිය උදා කරගැනීමට උපකාරී වන අතර අප සමාගමේ කොටස් හිමියන් හට දිගු කාලීන අගයක් අත්කර දීමය.

දැක්ම

නව්‍යකරණයෙන් පොහොසත් මූල්‍ය විසඳුම් අපේක්ෂා කරන ප්‍රගතිගාමී ගනුදෙනුකරුවන්ගේ පළමු තේරීම සෙන්ට්‍රල් ෆිනෑන්ස් විය යුතුය.

අපගේ ඉතිහාසය

සමාරම්භක චන්ද්‍රා විෙජ්නායක මැතිඳුන්ගේ සිත තුළ මහනුවර නගරයේ පළමු මූල්‍ය සමාගම ඇරඹීමේ අදහස මුලින්ම පහළ වූයේ, සිය බිලියඩ් ක්‍රීඩා සගයා සහ මහනුවර මෝටර් රථ අළෙවි ප්‍රදර්ශනාගාරයක හිමිකරු වූ ඡේ. ඒ. ගෆූර් නමැති මිතුරා සමග පැවති සංවාදයක දීය. එහි දී විජේනායකන් හට ගෆූර් පවසා සිටියේ තම ප්‍රදර්ශනාගාරයේ මෝටර් රථ වෙනුවෙන් ෆිනෑන්ස් පහසුකමක් ලබාගැනීමට අවශ්‍ය සෑමවිටම ඒ සඳහා විශේෂයෙන් කොළඹ යෑමට සිදුවීම නිසා තම කාලය හා ශ්‍රමය විශාල වශයෙන් අපතේ යෑමක් සිදු වන බවයි. එසේම මහනුවර නගරයේ මූල්‍ය සමාගමක් තිබුනා නම්, තමාට බිලියඩ් ක්‍රීඩාවේ වැඩිපුර යෙදීමේ ප්‍රස්ථාව උදා වනු ඇති බව ද විහිළුවක ස්වරයෙන් ඔහු තවදුරටත් කියා සිටියේය.

කඳුරට අගනගරය තුළ පළමු මූල්‍ය සමාගම උපත ලද්දේ එසේය. 1957 දී සීමිත පෞද්ගලික සමාගමක් ලෙස ස්ථාපිත කරන ලද සෙන්ට්‍රල් ෆිනෑන්ස් ආයතනයේ මුල් කාලීන ව්‍යාපාරික කටයුතු වූයේ මගී ප්‍රවාහන අංශයේ කුලී සින්නක්කර මිලදීගැනීම් සඳහා සහ මහනුවර හා මධ්‍යම කලාපය වෙත වෙළෙඳ බඩු ප්‍රවාහනය කිරීම සඳහා මූල්‍ය සේවා පහසුකම් සැපයීමයි.

1969 දී කොළඹ තැරැව්කරුවන්ගේ සංගමය වෙතින් මිල කැඳවුමක් සහිත පොදු සමාගමක් බවට සමාගම පරිවර්තනය කරන ලද අතර පශ්චාත් ලෝක යුධ සමයේ දී කොළඹින් පිට ආයතනයකට මෙවැනි ලැයිස්තුගත කිරීමක් ලබාගත හැකි වූ ප්‍රථම අවස්ථාව ද එය විය. ඉක්බිති ප්‍රධාන කාර්යාලය තවදුරටත් මහනුවර පවත්වාගෙන යන අතර රට පුරා විවිධ පෙදෙස්වල ශාඛා පිහිටුවීමට පියවර ගත් සෙන්ට්‍රල් ෆිනෑන්ස් පීඑල්සී සමාගමට, වසර කිහිපයක් තුළ විශාල ප්‍රගතියක් අත් කරගැනීමට හැකි විය. දේශයේ ජනතාව අතර ගරුකටයුතු මූල්‍ය ආයතනයක් ලෙස ඉහළම ප්‍රසාදය හිමි කරගෙන සිටින සෙන්ට්‍රල් ෆිනෑන්ස් ආයතනය විසින් ඍජු ලෙස හා අනුබද්ධිත සමාගම් ගණනාවක් හරහා වත්කම් කල්බදු, ඉතුරුම් හා තැන්පතු, කුලී කොන්ත්‍රාත්, සමූහ රථ කළමනාකරණය, ක්ෂුද්‍ර මූල්‍ය සහ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකත්ව ණය ආදී අසම සම මූල්‍ය සේවාවන් රැසක් පිරිනමයි.

අනුබද්ධිත සමාගම්

Central Industries PLC

සෙන්ට්‍රල් ඉන්ඩස්ට්‍රීස් පීඑල්සී

CF Insurance Brokers (Pvt)Ltd

සීමාසහිත සෙන්ට්‍රල් ෆිනෑන්ස් ඉන්ෂුවරන්ස් බ්‍රෝකර්ස් (පෞද්)

Nations Trust Bank PLC

නේෂන්ස් ට්‍රස්ට් බැංකුව පීඑල්සී

Tea Smallholder Factories PLC

ටී-ස්මෝල්හෝල්ඩර්-ෆැක්ටරීස්-පීඑල්සී

Capital-Suisse-Asia-Ltd

සීමාසහිත කැපිටල් සුයිස් ඒෂියා

Kandy Private Hospitals Ltd

සීමාසහිත කැන්ඩි ප්‍රයිවට් හොස්පිටල්ස්

Dehigama Hotels Company Ltd

සීමාසහිත දෙහිගම හොටෙල්ස් සමාගම

අධ්‍යක්ෂ මණ්ඩලය

අසිත ද්‍රෞපත් බණ්ඩාර තල්වත්ත

ස්වාධීන විධායක නොවන සභාපති

එරංජිත් හරේන්ද්‍ර විජේනායක

කළමනාකාර අධ්‍යක්ෂ / ප්‍රධාන විධායක නිලධාරි

අර්ජුන කපිල ගුණරත්න

නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ / නියෝජ්‍ය විධායක නිලධාරි

ධම්මික ප්‍රසන්න ද සිල්වා

අධ්‍යක්ෂ / ප්‍රධාන මෙහෙයුම් නිලධාරි

අගම්පොඩි දමිතා නන්දනී ද සොයිසා

ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂ

අර්ජුන් ප්‍රනාන්දු

ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂ

චන්දික කුෂාන් හෙට්ටිආරච්චි

විධායක අධ්‍යක්ෂ

කුඩා හේරත්

ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂ

මංජුල ද සිල්වා

ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂ

චාමින්ද සම්පත් හෙට්ටියාරච්චි

විධායක අධ්‍යක්ෂක

ආයතනික තොරතුරු

නෛතික ආකෘති පත්‍රය
1957 දෙසැම්බර් 5 දින ශ්‍රී ලංකාවේ ස්ථාපනය කරන ලද, උධෘතගත කළ සීමාසහිත පොදු සමාගම.
ලියාපදිංචි කිරීමේ පනත
1988 අංක 78 දරන මූල්‍ය සමාගම් පනත යටතේ ලියාපදිංචි කරන ලදී.
අනුමත මූල්‍ය නියෝජිතායතනයකි
1949 අංක 6 දරන උකස් පනත, 1947 අංක 12 දරන භාර කුවිතාන්සි (Trust Receipt) ආඥාපනත යටතේ.
සමාගමේ ලියාපදිංචි අංකය
සමාගමේ ලියාපදිංචි ලේඛනය PQ 67
කොටස් හුවමාරු වෙළෙඳ පළ ලැයිස්තුව
සමාගමේ සාමාන්‍ය කොටස්, කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත කර ඇත.
ලියාපදිංචි කාර්යාලය
84, රජවීදිය, මහනුවර, ශ්‍රී ලංකාව.
බැංකුකරුවෝ
ලංකා බැංකුව, සිටි බැංකුව N.A., කොමර්ෂල් බැංකුව පීඑල්සී, සීමාසහිත ICICI බැංකුව, හැටන් නැෂනල් බැංකුව පීඑල්සී, සීමාසහිත හොංකොං සහ ෂැංහයි බෑංකිං කෝපරේෂන්, NDB බැංකුව පීඑල්සී, මහජන බැංකුව, සම්පත් බැංකුව පීඑල්සී, සෙලාන් බැංකුව පීඑල්සී, ස්ටෑන්ඩර්ඩ් චාටර්ඩ් බැංකුව, සීමාසහිත යුනියන් බැංකුව, සීමාසහිත හබීබ් බැංකුව, නේෂන්ස් ට්‍රස්ට් බැංකුව පීඑල්සී
විගණකවරු
SJMS ඇසෝසියේට්ස්, වරලත් ගණකාධිකාරීවරු, 2, කාසල් පටුමග, කොළඹ 04.
නීති උපදේශකවරු
එෆ් ජේ ඇන්ඩ් ජී ද සේරම්, නීතීඥවරු, තැ.පෙ. 212, කොළඹ.
ලේඛකාධිකාරීවරු
සීමාසහිත කෝපරේට් සර්විසස්, අංක 216, ද සේරම් පෙදෙස, කොළඹ 10. දුරකථන : (+94) 114 718 220 / (+94) 112 677 863
අනුබද්ධිත ආයතන හා සහකාරිත්ව සමාගම්
සෙන්ට්‍රල් ඉන්ඩස්ට්‍රීස් පීඑල්සී, සීමාසහිත සෙන්ට්‍රල් ඩිවලොප්මන්ට්ස්, සීමාසහිත සෙන්ට්‍රල් ට්‍රාන්ස්පෝර්ට් ඇන්ඩ් ට්‍රැවල්ස්, සීමාසහිත සෙන්ට්‍රල් කන්ස්ට්‍රක්ෂන් ඇන්ඩ් ඩිවලොප්මන්ට් (පෞද්) සමාගම, සීමාසහිත සෙන්ට්‍රල් මිනරල් ඉන්ඩස්ට්‍රීස් (පෞද්) සමාගම, සීමාසහිත සෙන්ට්‍රල් හෝම්ස් (පෞද්) සමාගම, සීමාසහිත CF ග්‍රෝත් ෆන්ඩ් (පෞද්) සමාගම, සීමාසහිත CF ඉන්ෂුවරන්ස් බ්‍රෝකර්ස් (පෞද්) සමාගම, සීමාසහිත දෙහිගම හොටෙල්ස් සමාගම, සීමාසහිත එක්ස්පෑන්ඩඩ් ප්ලාස්ටික් ප්‍රඩක්ට්ස් සමාගම, සීමාසහිත හෙජස් කෝට් රෙසිඩන්සීස් සමාගම, සීමාසහිත කැන්ඩි ප්‍රයිවට් හොස්පිටල්ස් සමාගම, සීමාසහිත මාර්ක් මැරයින් සර්විසස් (පෞද්) සමාගම, සීමාසහිත කැපිටල් සූසි ඒෂියා සමාගම, නේෂන්ස් ට්‍රස්ට් බැංකුව පීඑල්සී, ටී-ස්මෝල්හෝල්ඩර්-ෆැක්ටරීස්-පීඑල්සී.