සෙන්ට්‍රල් ෆිනෑන්ස් වීසා ඩෙබිට් කාඩ්පත්

සෙන්ට්‍රල් ෆිනෑන්ස් වීසා ඩෙබිට් කාඩ්පත මගින් වැඩි පහසුවක් සැපයෙනවා පමණක් නොව ඔබේ ඉතුරුම් ගිණුමට වැඩි පිළිගැනීමක් සමග විවිධ ආකාරවලින් ගනුදෙනුවල යෙදීමේ හැකියාව ද ලැබේ. සෙන්ට්‍රල් ෆිනෑන්ස් හි සියලූම ඉතුරුම් ගිණුම් හිමියන් සඳහා විශේෂිත ව දවසේ පැය 24 පුරා හා වසරේ සෑම දිනකම එම සේවාව ලබාගත හැකිය.

සෙන්ට්‍රල් ෆිනෑන්ස් වීසා ඩෙබිට් කාඩ්පත මගින් ඉටු කරගත හැක්කේ ටෙලර් යන්ත්‍ර (ATM) මගින් කළ හැකි මුදල් ආපසු ගැනීම, ශේෂය පිරික්සීම වැනි ගනුදෙනු පමණක් නොවන අතර දේශීය මෙන්ම ජාත්‍යන්තර සුපිරි වෙළෙඳ සැල්, වෙළෙඳ සංකීර්ණ, අවන්හල් ඇතුළු වෙළෙඳ, සේවා හා අළෙවි ආයතන ජාලයක් වෙත පහසුවෙන් පිවිසීමට ද එමගින් හැකියාව ලැබේ.

ක්ෂණික ඇමතුම් අංකය: +94 11 2300535

Central Finance Visa debit card offers
cf visa debit card
එමගින් පිරිනැමෙන සේවාවන :
  • මුදල් ආපසු ගැනීම (දිනකට රු. 50,000/- දක්වා)
  • ලූහුඬු ගිණුම් ප්‍රකාශන
  • ඔබටම අයත් ගිණුම් අතර මුදල් හුවමාරුව
  • ශේෂය පිරික්සීම
  • වීසා ඩෙබිට් කාඩ්පත් පිළිගන්නා වෙළෙඳුන් වෙතින් ඔබේ මිලදී ගැනීම්/සේවා බිල්පත් ගෙවන්න. (දිනකට රු. 100,000 දක්වා
  • ගනුදෙනු පිළිබඳ කෙටි පණිවුඩ මගින් දැනුම්දීම
cf visa debit card
ප්‍රතිලාභ මොනවාද?
  • එක් මුදල් ඒකකයක් මගින් ලොව පුරා වෙළෙඳ හා සේවා ආයතන වෙත මුදල් ගෙවීමේ හැකියාව ඔබට හිමි වේ
  • ශාඛාවක් වෙත නොපැමිණ පැය 24 පුරා ඔබේ ගිණුමට පිවිසිය හැකිවීම
  • මුදල් අතේ රැගෙන යෑම හා මුදල් නැතිවීම ගැන වද විය යුතු නැත
  • පහසු හා සුරක්ෂිත ලෙස මුදල් ගනුදෙනු කළ හැකිය
  • වඩාත් සකසුරුවම්කම ලෙස මුදල් පරිහරණයට ඉඩ සැලසේ
  • ඔබ කරන සියලූම ගනුදෙනු ඔබේ පාස්පොතට/ගිණුම් ප්‍රකාශනයට ඇතුළත් කෙරේ