සමූහ කුලී රථ

සමූහ කුලී රථ යනු කුමක්ද?

මෙය ඔබ තෝරාගත් ඕනෑම වාහනයක් ෆිනෑන්ස් කිරීමට හැකි පහසු හා වියදම් අඩු ක්‍රමයකි. එපමණක් නොව ඔබේ සමාගමේ ශේෂ පත්‍රයේ පෙන්නුම් නොකෙරෙන ආකාරයට වාහන අත්කර ගත හැකි එකම ක්‍රමය ද මෙය පමණයි. මෙහිදී සාමාන්‍ය මාසික ගෙවීමකින්ම පමණක් විස්තීර්ණ පැකේජයන් 2ක් අතරින් කැමති පැකේජය තෝරාගැනීමට ඔබට හැකිය. මාර්ගස්ථ නඩත්තු සේවාව ඉන් එකකට පිරිනැමෙන අතර අනෙකට හිමි නොවේ.

මාර්ගස්ථ නඩත්තු සේවා සහිත ව වාහනයක් තෝරාගැනීමේ ප්‍රතිලාභ:

  • ස්ථාවර මාසික ධාවන පිරිවැය
  • වාහනයේ නඩත්තුව පිළිබඳ හිසරදයක් නැත
  • වාහනයේ රක්ෂණය පිළිබඳ කනස්සල්ලක් නැත
  • යාන්ත්‍රික දෝෂ හෝ අනතුරු සිදුවීමක දී අනුග්‍රහශීලී වාහනයන් නොමිලයේ සපයනු ලැබේ
  • A large, island-wide garage network for assistance
  • 24/7, 365 දින පුරා කැපවූ පාරිභෝගික සේවාව
  • නිතර සූදානමින් සිටින වෘත්තීයමය වාහන ප්‍රතිසාධන කණ්ඩායම් නිසා සිතේ සැනසුම හා ආරක්ෂාව
Card image cap

මෙම සේවාවේ ඇති මූල්‍යමය වාසි මොනවාද?

ගිවිසුම් කාලසීමාව සඳහා ස්ථාවර වාරික පිරිවැය

වාහන මිලදී ගැනීමට යොදාගනු වෙනුවට ඔබේ මූලික ව්‍යාපාරය වෙනුවෙන් ඔබ සතු මූල්‍ය වත්කම් භාවිත කිරීමේ හැකියාව

සියලූම සේවා හා නඩත්තු වියදම් ඇතුළත් කළ හැක

ඔබේ වාහන මෙරටට ගෙන්වීමේ සිට භාවිතයෙන් බැහැර කිරීම දක්වා, ඒ වෙනුවෙන් මූල්‍ය පහසුකම් සැලසීම සහ නඩත්තු කිරීම ඇතුළු සියලූම පරිපාලන කටයුතු සෙන්ට්‍රල් ෆිනෑන්ස් කුලී කොන්ත්‍රාත් අංශය විසින් මෙහෙයවනු ලබයි

ගිවිසුමට ඇතුළත් නියමයන් අනුව සමාන ගෙවීම්

ගෙවුම් ආකෘති තේරීම

නඩත්තු විකල්ප තේරීම

අඩු කරන ලද පරිපාලන පිරිවැය

වැඩිදියුණු කළ අයවැය සැකසීම

මිලදී ගැනීමේ ශක්තිය ජව ගැන්වීමේ හැකියාව

ධාවන පිරිවැය සමාන කිරීම

ක්ෂේත්‍රය තුළ අප සතු පළපුරුද්ද සහ ප්‍රවීණත්වය මගින් පිරිවැය පාලනය කිරීම



Card image cap

අලූත්වැඩියා බිල්පත් කෙසේද?

වාහන නඩත්තුව ඇතුළත් කුලී කොන්ත්‍රාත් ගිවිසුමක් සඳහා යා යුතු බවට ඔබ තීරණය කරන්නේ නම් හා ඔබේ වාහනය පැය 8 ඉක්මවා ධාවනය කළ නොහැකි තත්ත්වයේ තිබේ නම්, අපි එතැන් සිට ඒ වෙනුවට වෙනත් වාහනයක් නොමිලයේ සපයන්නෙමු.


Card image cap

කුලී කාලසීමාවට අවමයක් තිබේද?

තැකීමේ තීරණය ඇත්තේ ඔබ අතේය. ඔබේ සමාගමේ මුදල් සංසරණ තත්ත්වය, ආර්ථීක ධාවන පරාමිතීන්, සමාගම්වල පොදු මෝටර් රථ ප්‍රතිපත්ති සහ සමාගමේ කීර්තිනාමය රැකගැනීම වැනි ඇගයුම් සාධක සැලකිල්ලට ගනිමින් ඔබේ සමාගමේ අවශ්‍යතාවන්ට වඩාත් ගැලපෙන කොන්ත්‍රාත් කාලසීමාව තීරණය කිරීමට අපි ඔබට උපකාර කරමු.

Card image cap

මා සතු වාහන සමූහය සඳහා අළෙවි සහ ආපසු කල්බදු පහසුකම් ප්‍රයෝජනයට ගත හැකිද?

ඔව්. එසේ කළ හැකිය. ඔබ සතු වත්මන් වාහන සමූහය හෝ යන්ත්‍රෝපකරණ පවතින වෙළෙඳ පොළ වටිනාකමට සෙන්ට්‍රල් ෆිනෑන්ස් සමාගමට අළෙවි කළ හැකි අතර, නැවත සෙන්ට්‍රල් ෆිනෑන්ස් කුලී කොන්ත්‍රාත් අංශය වෙතින් කල්බදු පහසුකමක් ලෙස ඒවා ලබාගත හැක. එමගින් ඔබ සතු ස්ථාවර වත්කම්වල අඟුඵ මුදාහැර ඔබේ ශේෂ පත්‍රය වඩාත් යහපත් තත්ත්වයට පමුණුවා බදු ප්‍රතිලාභ සාක්ෂාත් කරගත හැකි වේ.

Card image cap

අළෙවිය සහ කල්බදු ලෙස ආපසු ලබාගැනීමේ ප්‍රතිලාභ

මූලික කර්තව්‍යය වෙනුවෙන් අවධානය යොමු කිරීම - අළෙවිය සහ ආපසු කල්බදු ගනුදෙනු නිසා ව්‍යාපාරයේ මූලික කර්තව්‍යය වෙත පූර්ණ අවධානය යොමුකිරීමේ අවසරය හිමිකරුට හිමි වේ.

ශේෂ පත්‍රය යහපත් තත්ත්වයට පැමිණවීම - අළෙවිය සහ ආපසු කල්බදු ගනුදෙනු පටිපාටිය මගින් ණය අඩු කරගත හැකිය..