කල්බදු හා ණය
ඔබේ සියලූම මූල්‍ය අවශ්‍යතාවන් සඳහා කඩිනම් හා නම්‍යශීලී විසඳුම්
කුලී රථ
මෝටර් රථ දෛනික හෝ දිගු කාලීන කුලියට, තනි පුද්ගලයකුට වාහන හෝ විශාල රථ සමූහ
ස්ථාවර තැන්පතු සහ ඉතුරුම්
ඔබේ කෙටිකාලීන හා දීර්ඝ කාලීන ආයෝජන අවශ්‍යතාවන් නම්‍යශීලී ලෙස සහ පහසුවෙන් සපුරාගැනීමට කටයුතු කිරීම
රක්ෂණය
ශ්‍රී ලංකාවේ විශාලතම රක්ෂණ තැරැව්කරු වෙතින් හොඳම රක්ෂණ විසඳුම්
Careka.lk
Careka.lk යනු, ඉන්ටර්නෙට් ඔස්සේ ඔබේ වාහන වෙළෙඳාම් අවශ්‍යතාවන් ඉටු කරගත හැකි නවීන තාක්ෂණය පදනම් කරගත් වේදිකාවකි.
ප්‍රවර්ධන කටයුතු
අපගේ අගනා ගනුදෙනුකරුවන් හා සමීප වීමට අප කලින් කලට කටයුතු කරන බැවින්, අපගේ ප්‍රවර්ධන කටයුතු කෙරෙහි සෝදිසියෙන් සිටින්න
ලුහුඬු විමසුම
1957 සිට මූල්‍යමය ගැටලූ උදෙසා ක්‍රියාශීලී සහ නවෝත්පාදක විසඳුම් සම්පාදනයේ යෙදෙන සෙන්ට්‍රල් ෆිනෑන්ස් පීඑල්සී සමාගම, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සේවා නිවහන ලෙස සැලකිය හැක. වත්කම් කල්බදු, කුලී කොන්ත්‍රාත්, සමූහ රථ කළමනාකරණය, රක්ෂණ තැරැව්කිරීම, ක්ෂුද්‍ර මූල්‍ය සහ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකත්ව ණය ඇතුළු විවිධාංගීකෘත සේවා සමූහයක් සමග පුළුල් වපසරියක ඉතුරුම් හා තැන්පතු නිපැයුම් රැසක් අපගේ ගනුදෙනුකරුවන් වෙත පිරිනමමින් ඔවුන්ගේ විවිධාකාර මූල්‍ය අවශ්‍යතාවන් හා අභිලාෂයන් ඉටු කිරීම සඳහා සහාය වීමට අපි කැප වී සිටින්නෙමු.
අප හා සබැඳී සිටින ප්‍රජාව මත සාර්ථකත්වය රැඳී ඇති සමාගමක් ලෙස ද, සමාගමේ සමාරම්භකයන් විසින් කාවැද්දූ අදහස් අනුව ද ගනුදෙනුකරුවන් කෙරෙන් පැනනගින උවමනාවන්ට සරිලන සේ සැලසුම් කළ මූල්‍ය සේවා නිපැයුම් නිරතුරු නිකුත් කරමින් නව්‍යකරණයේ වටිනාකම් නොපිරිහෙළා රඳවා තබාගැනීමට අපි නොකඩවා කටයුතු කරමින් සිටිමු. එමෙන්ම අපගේ අත්දැකීම්, නිපුණත්වය හා දීප ව්‍යාප්ත ශාඛා ජාලය මගින් සෑම සියලූ කල්හි ම අප ගනුදෙනුකරුවන් වෙත උත්කෘෂ්ට සේවාවන් සැපයීමේ හැකියාව අපට හිමි වී ඇත. විශිෂ්ටත්වයේ ධජය පෙරටු කරගත් අපේ අරමුණ වන්නේ, ඔබ ද දියුණුවෙන් දියුණුවට යමින් බොහෝ ඵල දරන පිනිස ඔබට මූල්‍ය විසඳුම් අවශ්‍ය ඕනෑම මොහොතක ඔබගේ උපකාරය සඳහා ඉදිරිපත් වීමයි.
සෙන්ට්රල් ෆිනෑන්ස් නව අළෙවිකරණ අධ්යක්ෂවරයා පත් කෙරේ

අළෙවිකරණ හා නිපැයුම් සංවර්ධනය පිළිබඳ සාමාන්‍යාධිකාරී චන්දික කුෂාන් හෙට්ටිආරච්චි මහතා සෙන්ට්රල් ෆිනෑන්ස් සමාගමේ අළෙවිකරණ අධ්‍යක්ෂ ධූරයට 2018 ජූලි 17 දින සිට පත් කරනු ලැබ ඇත.
සෙලින්කෝ සංවර්ධන බැංකුවේ ආයෝජන විශ්ලේෂකයකු ලෙස 1998 දී වෘත්තීය දිවිය ඇරඹූ චන්දික මහතා 2000 නොවැම්බරයේ දී ණය කළමනාකරු ලෙස සෙන්ට්රල් ෆිනෑන්ස් සමාගම හා සම්බන්ධ වූ අතර එතැන් සිට විධායක අධ්‍යක්ෂ ධූරයට පත් කරනු ලබන තෙක් ජ්‍යෙෂ්ඨ කළමනාකරු තනතුරු රැසක් හෙබවා ඇත. එක්සත් රාජධානියේ කලමනාකරණ ගණකාධිකාරවරුන්ගේ වරලත් ආයතනයේ (ACMA) සහ ජගත් කලමනාකරණ ගණකාධිකාරවරුන්ගේ වරලත් ආයතනයේ (CGMA) ගෞරවනීය සාමාජිකත්වය දරන ඔහු එක්සත් රාජධානියේ වේල්ස් සරසවියේ ව්‍යාපාර පරිපාලනපති (MBA) උපාධිධරයකුද වේ.
බැංකු නොවන මූල්‍ය සේවා අංශයේ 20 වසර ඉක්මවන පළපුරුද්දක් ලබා ඇති චන්දික හෙට්ටිආරච්චි මහතා ඉන් වසර 17කටත් වඩා සේවය පිරිනමා ඇත්තේ සෙන්ට්රල් ෆිනෑන්ස් පීඑල්සී සමාගම වෙනුවෙනි. තවද අන්තර්ජාතික මූල්‍ය සංස්ථාව ඇතුලු ජාත්‍යන්තර සංවර්ධන නියෝජිතායතන ගණනාවක් සඳහා උපදේශකවරයකු ලෙස පැවරුම් රැසක් ඔහු ඉටු කර ඇත.
අපගේ තැපැල් ලැයිස්තුවට ඇතුළත් වීම
සහතිකය
සෙන්ට්රල් ෆිනෑන්ස් සමාගම පිළිබඳ පූර්ණ විස්තරයක්
සෙන්ට්‍රල් ෆිනෑන්ස් පීඑල්සී සමාගම ශ්‍රී ලංකාව තුළ විවිධාකාර මූල්‍ය නිපැයුම් හා සේවාවන් පිරිනමයි. අංශ හතක් ඔස්සේ සමාගම ක්‍රියාත්මක වේ. එනම්, කල්බදු, කුලී සින්නක්කර හා වෙනත් අත්තිකාරම්, වෛද්‍ය සේවා, බලශක්ති උත්පාදනය, නිෂ්පාදනය, රක්ෂණ තැරැව්කිරීම, ආයෝජන සහ ඉඩකඩම්.මෙම අංශ මගින් කල්බදු පහසුකම් සැපයීම, ගෙවීමේ ක්‍රමයට භාණ්ඩ මිලදීගැනීම් සඳහා මූල්‍ය ප්‍රදානය, වාහන කුලියට දීම, තැන්පතු සංචලනය, වාහන වෙළෙඳාම, සහ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායයන් සඳහා ණය ලබාදීම වැනි වෙනත් මූල්‍ය සේවාවන් සලසනු ලබයි. එසේම තැන්පතු හා ඉතුරුම් ගිණුම් ද, වාහන මිලදීගැනීම සඳහා ණය ලබාදීම ද, කාර්, බස්, ලොරි, ත්‍රිරෝද රථ, ජීප්, ට්‍රැක්ටර්, කෘෂිකාර්මික යන්ත්‍රෝපකරණ, සහ ඉදිකිරීම් යන්ත්‍ර සූත්‍ර සඳහා කල්බදු මූල්‍ය සේවාවන් ද සමාගම වෙතින් ලබාගත හැකිය.