කලින් පොලී

ඔබගේ ස්ථාවර තැන්පතුවට හිමි පොළිය තැන්පතු කාල සීමාව මාසයක කාලයක් ඉක්මවූ පසු ඕනෑම අවස්ථාවක අනාගතයේදී හිමිවීමට නියමිත පොළියෙන් කොටසක් හෝ මුළු පොළී මුදලම නිශ්චිත වට්ටම් පොළී ප්‍රතිශතයකට යටත්ව තැන්පතුව කල් පිරීමට පළමුව ලබා ගැනීමේ සුවිශේෂී අවස්ථාවක් අප ගණුදෙනුකරුවන් වන ඔබ හට හදුන්වාදී ඇත.

kalin-poli-innernew

එහි ප්‍රධාන විශේෂාංග පහත පරිදි වනු ඇත.,

  1. තැන්පතු ක්‍රමය සහ තැන්පතු කාල සීමාව :
    මාස 12 සිට මාස 60 දක්වා වූ කාල සීමාවලට යටත්ව තැන්පත් කර ඇති මුදල් මාසික හෝ කල්පිරීමෙන් පසු පොළී ලබා ගැනීමේ කොන්දේසි නොසලකා සාමාන්‍ය හෝ ජ්‍යෙෂ්ඨ පුරවැසි යන ඕනෑම තැන්පතුකරුවෙකුට මෙම සේවාව හිමි වේ.
  2. පොළිය කලින් ලබා ගැනීමේ ක්‍රමවේදය :
    මෙම ක්‍රමය යටතේ මූලික වශයෙන් ආකාර දෙකකින් පොළී මුදල වට්ටමකට යටත්ව ලබා ගත හැක.

    1. පොළියෙන් කොටසක් කලින් ලබා ගැනීම.
      මෙම ක්‍රමය යටතේ අදාල පොළියෙන් කොටසක් කලින් ලබාගත හැකි අතර ඉතිරිවන පොළී ප්‍රමාණය තැන්පතුව කල්පිරීමේදී ලබා ගැනීමට හෝ නැවත ආයෝජනය කිරීමට හැකි වේ.
    2. සම්පූර්ණ පොළී මුදල කලින් ලබා ගැනීම.
      මෙම ක්‍රමය යටතේ තැන්පතුකරුවන්ට තැන්පතුවට ලැබිය යුතු මුළු පොළී ප්‍රමාණය අදාල තැන්පතු කාල සීමාවෙන් මාසකයට පසු ඕනෑම අවස්ථාවක වට්ටමකට යටත්ව ලබාගත හැකි වේ. එසේම පොළිය කල් ඇතිව වට්ටම් නොකල අවස්ථාවක මුළු පොළී මුුදලම තැන්පතුව කල්පිරීමේදී ආපසු ලබා ගැනීමට හෝ තැන්පතු මුදලත් සමග නැවත ආයෝජනය කිරීමේ අවස්ථාව තැන්පතු හිමියන්ට හිමිවේ.