CF ක්ලික් ජංගම යෙදුම

CF ක්ලික් යනු ජංගම දුරකථන බැංකුකරණ කටයුතු පහසුවෙන් ඉටු කරගැනීම උදෙසා විශේෂාංග රැසකින් යුක්තව නිර්මාණය කර ඇති මෘදුකාංග යෙදුමකි. දැනටත් අප සමඟ සම්බන්ධ වී සිටින සියලූම ගණුදෙනුකාර භවතුන්ට මෙන්ම CF ආයතනයේ සේවාවන් ලබාගැනීමට අපේක්ෂා කරන අන් අයටද ප්‍රයෝජනවත් වන පරිදි ඇන්ඩ්‍රොයිඩ් සහ ඇපල් යන දුරකථන කාණ්ඩ දෙවර්ගයම සඳහා මෙය නිර්මාණය කර ඇත. මෙම යෙදුම සමඟ ලියාපදිංචි වීමෙන් පසු ඕනෑම දේශීය බැංකුවක් සමඟ සුරක්ෂිතව ගනුදෙනු කිරීමට, CF ගිණුම් විවෘත කිරීමට සහ දැනට ක්‍රියාත්මක CF ගිවිසුම්වල ශේෂ ප්‍රකාශ පරීක්ෂා කිරීමට, පාරිභෝජන බිල්පත් ගෙවීමට සහ විවිධ අගයන් එක් කළ තවත් බොහෝ ප්‍රතිලාභ භුක්ති විඳීමේ අවස්ථාව ඔබට හිමි වේ.

සියලූ‍‍ම CF සේවාදායකයන්ට පිරිනැමෙන අමතර ප‍්‍රතිලාභ සමූහයක්!

  • ඕනෑම දේශීය බැංකු ගිණුමක් සමඟ සුරක්ෂිතව, එසැණින් ගනුදෙනු කිරීම*
  • ඔබේ CF ලීසිං (කල්බදු) පහසුකම සඳහා සෘජුව ගෙවීම් කිරීම*
  • ස්ථාවර තැන්පතු ගිණුමක් පහසුවෙන් විවෘත කිරීම*
  • ක්ෂණික ණයක් සඳහා අයදුම් කිරීම*
  • පාරිභෝජන බිල්පත් ගෙවීම* (ජල, විදුලි, දුරකථන, රක්ෂණ වාරික ආදිය)
  • ඔබේ CF ඉතිරිකිරීම්වල ශේෂයන් පිරික්සීම සහ ගෙවීම් ඉතිහාසය පිරික්සීම
  • ශුන්‍ය ගනුදෙනු ගාස්තු (හඳුන්වාදීමේ දීමනාව) ගණුදෙනු සඳහා ශුන්‍ය ගාස්තු අදාල වේග
  • CF ස්ථාවර තැන්පතු, ඉතිරිකිරීම් සහ ණය පහසුකම්වල වර්තමාන පොලී අනුපාත දැනගැනීම
  • නව ලීසිං පහසුකමක් සඳහා ඉල්ලූම් කිරීම
  • නව CF ඉතිරිකිරීමේ ගිණුමක් විවෘත කිරීම සඳහා අයදුම් කිරීම
  • ඔබේ වත්මන් ලීසිං (කල්බදු) ගිවිසුමේ හෝ ස්ථාවර තැන්පතු ගිණුමේ විස්තර බැලීම
  • නොමිලේ වාහන තක්සේරු වාර්තාවක් සඳහා අයදුම් කිරීම / ලබාගැනීම
  • Digital Box ඔස්සේ අපගේ සේවා කණ්ඩායම වෙත කඩිනමින් සම්බන්ධ වීම
  • දිවයින පුරා CF ශාඛා, මුදල් තැන්පතු යන්ත‍්‍ර හෝ ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර පිහිටි ස්ථාන සොයාගන්න.

නියම සහ කොන්දේසි අදාළ වේ
*Exclusively for CF savings account holders

CF CLICK ජංගම යෙදුම බාගත කර දුරකථනයක ස්ථාපනය කරගන්නා ආකාරය:

  • ඔබගේ ජංගම දුරකථනය data හෝ Wi-Fi මඟින් අන්තර්ජාලය සමඟ සක‍්‍රිය ලෙස සම්බන්ධ වී ඇති බව තහවුරු කරගන්න.
  • ජංගම දුරකථනයේ යෙදුම් මෙනුවේ ඇති PlayStore (ප්ලේස්ටෝර්) සලකුණ මත ක්ලික් කරන්න.
  • ප්ලේස්ටෝර් වෙත පිවිසි පසු, එහි සෙවුම් තීරුව මත CF CLICK ලෙස ටයිප් කර ක්ලික් කරන්න.
  • ඉන්පසු Install මත ක්ලික් කරන්න. එවිට CF CLICK යෙදුම ස්වයංක‍්‍රීයව බාගත වී ඔබගේ ජංගම දුරකථනයට ස්ථාපනය වනු ඇත.
central-finance-google-play-store
  • ඔබගේ ජංගම දුරකථනය data හෝ Wi-Fi මඟින් අන්තර්ජාලය සමඟ සක‍්‍රිය ලෙස සම්බන්ධ වී ඇති බව තහවුරු කරගන්න.
  • ජංගම දුරකථනයේ යෙදුම් මෙනුවේ ඇති AppStore (ඇප්ස්ටෝර්) සලකුණ මත ක්ලික් කරන්න.
  • ඇප්ස්ටෝර් වෙත පිවිසි පසු, එහි සෙවුම් තීරුව මත CF CLICK ලෙස ටයිප් කර ක්ලික් කරන්න.
  • යෙදුම බාගත කිරීම සඳහා දුරකථන තිරයේ දකුණු පස ඉහළ ඇති ඊතල සලකුණ ක්ලික් කරන්න.
  • එවිට CF CLICK යෙදුම ස්වයංක‍්‍රීයව බාගත වී ඔබගේ ජංගම දුරකථනයට ස්ථාපනය වනු ඇත.
central-finance-on-app-store

මුල් වරට භාවිත කරන අය පළමුවෙන් ලියාපදිංචි විය යුතුය.

පළමු වන පියවර

  • CF Click යෙදුම විවෘත කිරීමෙන් පසු එයට ඔබේ ජංගම දුරකථනයට ප‍්‍රවේශ වීමට අවසරය දීම සඳහා Allow මත ක්ලික් කරන්න.
  • තිරයේ පහළ ඇති Sign Up (ලියාපදිංචි වීම) කොටුව මත ක්ලික් කරන්න.
  • අවශ්‍ය තොරතුරු ඇතුළත් කරන්න. (නම, ජාතික හැඳුනුම් පත, විද්‍යුත් තැපෑල, ජංගම දුරකථන අංකය)
    සැ.යු: මෙම තොරතුරු ඔබේ CF ගිණුමේ සඳහන් තොරතුරුවලට සමාන විය යුතුය.
  • ලියාපදිංචිය සඳහා ඉල්ලීම තහවුරු කිරීමට Confirm මත ක්ලික් කරන්න.

ඔබ කළ ඉල්ලීම ඉටු කිරීමෙන් පසු;

(අ) ඔබගේ පරිශීලක නාමය සහ තාවකාලික මුරපදය අඩංගු ආරක්ෂිත PDF ගොනුවක් ඔබගේ විද්‍යුත් තැපෑලට ලැබෙනු ඇත.

(ආ) එම ආරක්ෂිත PDF ගොනුව විවෘත කිරීම සඳහා අවශ්‍ය ඉලක්කම් 4ක රහස් අංකය (OTP) ඔබගේ ජංගම දුරකථනයට කෙටි පණිවිඩයක් ලෙස ලැබෙනු ඇත.

දෙවන පියවර

  • ඒ ආකාරයෙන් CF Click ජංගම යෙදුම විවෘත කර Sign In ක්ලික් කරන්න.
  • PDF ගොනුවේ සඳහන් පරිශීලක නාමය සහ තාවකාලික මුරපදය ලබාදෙන්න.
  • ඉන්පසු ඔබ කැමති ස්ථිර මුරපදයක් නැවත ඇතුළත් කරන්න.
  • Confirm මත ක්ලික් කර ස්ථිර මුරපදය තහවුරු කරන්න.
    නැවත Sign In මත ක්ලික් කළ විට CF Click ජංගම යෙදුමට පූර්ණ ලෙස ප‍්‍රවේශ වීමේ හැකියාව ඔබට ලැබේ.

ස්ථිර මුරපදය සැකසීමේදී අනුගමනය කළ යුතු පිළිවෙත

  • ඔබගේ මුරපදය අක්ෂර 8කින් සමන්විත විය යුතුය.
  • එයට අවම වශයෙන් කැපිටල් අකුරු 1ක් සහ ඉලක්කම් 1ක් තිබීම අනිවාර්ය වේ.
  • අවවාදය: මුරපදය දිගු වන තරමට ඔබේ ගිණුම වඩාත් සුරක්ෂිත වේ! #, @, & වැනි විශේෂ සලකුණු කිහිපයක් එක් කිරීමට උත්සාහ කරන්න.

නිතර අසනු ලබන ප‍්‍රශ්න

මේ සඳහා ඔබට CF ඉතිරිකිරීමේ ගිණුමක් තිබීම අවශ්‍ය වේ. ඔබේ ලියාපදිංචිය සම්පූර්ණ කළ පසු, CF Click වෙත ප‍්‍රවේශ වී (Sign In) පහත පියවර අනුගමනය කරන්න.

  • CF HOME ප‍්‍රධාන පිටුවේ පහළ ඇති කවාකාර මෙනු බොත්තම මත ක්ලික් කරන්න.
  • ඉන්පසු Fund Transfer (අරමුදල් මාරු කිරීම) ක්ලික් කර, ගෙවීම් ආකෘතියට පිවිසෙන්න. (නව ගෙවුම්කරුවකු නිර්මාණය කරගන්නා ආකාරය පහත දැක්වේ.)
  • ගෙවන මුදල සහ කෙටි හැඳින්වීමක් සඳහන් කර Transfer මත ක්ලික් කරන්න.
  • ගෙවීම තහවුරු කිරීමට ඔබේ OTP ඇතුළත් කර confirm මත ක්ලික් කරන්න!

සටහන: නව ගෙවුම්කරුවකු නිර්මාණය කිරීමට අවශ්‍ය නම්, ගෙවීමක් කිරීම සඳහා Pay To ක්ලික් කරන විට විමසනු ලබන ප‍්‍රශ්නවලට පිළිතුරු සපයන්න.

නැතහොත් පහත උපදෙස් අනුගමනය කරන්න.

  • CF Click යෙදුමේ ඉහළ වම් කෙළවරේ CF HOME මෙනුවට පිවිසෙන්න.
  • එහි ඇති Payee Maintenance (ගෙවුම්කරුවන් පවත්වාගැනීම) තෝරාගන්න.
  • Add Account ක්ලික් කරන්න. ඔබට එක් කිරීමට අවශ්‍ය නව ලබන්නා හට අයත් ගිණුම පිළිබඳ විස්තර පහත සඳහන් ක්ෂේත‍්‍ර යටතේ පුරවන්න.
    අන්වර්ථ නාමය, නම, බැංකුව, ශාඛාව, ගිණුම් අංකය සහ කෙටි හැඳින්වීමක්.
  • confirm මත ක්ලික් කර, නව ගෙවුම්කරුවකු ඔබේ ගෙවීම් ලැයිස්තුවට එක් කළ යුතු බව තහවුරු කරන්න!

අපගේ අගනා ගනුදෙනුකරුවන් හට තවත් වටිනාකම් එකතු කළ ප‍්‍රතිලාභ භුක්ති විඳීමට හැකි වන පිණිස CF ඉතිරිකිරීමේ ගිණුම් විවෘත කරන ලෙස අපි ඔවුන් උනන්දු කරමු. නව CF ඉතිරිකිරීමේ ගිණුමක් විවෘත කිරීම සඳහා CF Click ජංගම යෙදුම හරහා ඔබට ඉල්ලූ‍‍ම් කළ හැකිය. නැතහොත් වැඩිදුර උපදෙස් සහ තොරතුරු සඳහා ඔබේ CF ශාඛාව අමතන්න.

මේ සඳහා ඔබට CF ඉතිරිකිරීමේ ගිණුමක් තිබීම අවශ්‍ය වේ. ඔබේ ලියාපදිංචිය සම්පූර්ණ කළ පසු, CF Click වෙත පිවිස පහත පියවර අනුගමනය කරන්න.

පියවර 1 – නව ගෙවුම්කරුවකු නිර්මාණය කිරීම

  • CF Click යෙදුමේ ඉහළ වම් කෙළවරේ CF HOME මෙනුවට පිවිසෙන්න.
  • Payee Maintenance මත ක්ලික් කරන්න.
  • add account ක්ලික් කරන්න. ඔබට එක් කිරීමට අවශ්‍ය නව ලබන්නාට අයත් ගිණුම පිළිබඳ විස්තර පහත සඳහන් ක්ෂේත‍්‍ර යටතේ පුරවන්න.
    අන්වර්ථ නාමය, නම, බැංකුව, ශාඛාව, CEFT ID අංකය (ඔබේ කල්බදු ගිවිසුමේ සඳහන් පරිදි) සහ කෙටි හැඳින්වීමක්.
  • confirm මත ක්ලික් කර, නව ගෙවුම්කරුවකු එක් කරන බව තහවුරු කරන්න!

පියවර 2 – ගිණුමකින් ගිණුමකට මුදල් මාරු කිරීම

  • CF HOME ප‍්‍රධාන පිටුවේ පහළ ඇති රවුම් මෙනු බොත්තම මත ක්ලික් කරන්න.
  • ඉන්පසු Fund Transfer (අරමුදල් මාරු කිරීම) ක්ලික් කර ගෙවීම් ආකෘතියට පිවිසෙන්න. (ඉහත දැක්වූ පරිදි අලූ‍තින් නිර්මාණය කරගත් නව ගෙවුම්කරුගේ ගිණුම තෝරාගන්න.)
    ගෙවන මුදල සහ කෙටි හැඳින්වීමක් සඳහන් කර Transfer මත ක්ලික් කරන්න.
  • ගෙවීම තහවුරු කිරීමට ඔබේ OTP ඇතුළත් කර confirm මත ක්ලික් කරන්න!

CF Click ජංගම යෙදුමේ “Apply For Credit” (ණය සඳහා අයදුම් කරන්න) කොටසට ප‍්‍රවේශ වී, වාහනයේ වර්ගය, තත්ත්වය (ලියාපදිංචි කළ/නොකළ) සහ අභිමත කාල සීමාව පිළිබඳ විස්තර ඇතුළත් කිරීමෙන් ඔබේ අවශ්‍යතාවයට අදාළ දළ ඇස්තමේන්තුවක් ලබාගත හැකිය!

ඔබ CF ඉතුරුම් ගිණුම් හිමියකු නම්, ඔබට එය කළ හැකියි! ඒ සඳහා ක්‍ත්‍ ක්‍කසජන සමඟ ලියාපදිංචි වී ඊට ප‍්‍රවේශ වන්න. ඉක්බිති පහත උපදෙස් අනුගමනය කරන්න:

  • CF HOME ප‍්‍රධාන පිටුවේ පහළ ඇති රවුම් මෙනු බොත්තම මත ක්ලික් කරන්න.
  • ඉන්පසුAccount Opening (ගිණුම් විවෘත කිරීම) ක්ලික් කර, පහත දැක්වෙන කරුණු ඇතුළත් කරන්න. ගිණුම් වර්ගය, තැන්පතු මුදලේ වටිනාකම, කාලසීමාව, ස්ථාවර තැන්පතු සහතිකය ලබාගන්නා ශාඛාව, නම් කරන්නා පිළිබඳ විස්තර.
    එම කරුණු ඇතුළත් කිරීමෙන් පසු Continue මත ක්ලික් කිරීමෙන් ඔබට නව ස්ථාවර තැන්පතුවක් නිර්මාණය කරගත හැකිය.

සටහන : ඔබගේ ස්ථාවර තැන්පතු සහතිකය ඔබ සඳහන් කළ ක්‍ත්‍ ශාඛාව වෙතින් ලබාගත හැකි බවට දැනුම්දීමක් වැඩ කරන දින 3ක් ඇතුළත ලැබෙනු ඇත!

මෙසේ සිදු වීමට හේතුව ඔබ CF Click මොබයිල් යෙදුම සඳහා ඉදිරිපත් කර ඇති දුරකථන අංකය/ ඊමේල් ලිපිනය ඔබගේ CF ගිණුමේ සඳහන් දුරකථන අංකය /විද්‍යුත් තැපැල් ලිපිනය සමඟ නොගැලපීමය. වැඩිදුර උපදෙස් සඳහා කරුණාකර අපගේ කාර්ය මණ්ඩල සාමාජිකයකු අමතන්න.

අදාළ උපදෙස් ලබාගැනීමට කරුණාකර 0772-347292/0112-315062 අමතන්න. වැඩිදුර විස්තර සඳහා cfclick@cf.lk වෙත පිවිසෙන්න.

වැඩි විස්තර සඳහා 0772-347292/0112-315062 දුරකථන අංක මඟින් අපගේ කාර්ය මණ්ඩලය සමඟ සම්බන්ධ වන්න! නැතහොත් cfclick@cf.lk වෙත පිවිසෙන්න.