ඉන්ෂුවරන්ස් අපගේ සේවාවන්

පුළුල් ශාඛා ජාලයක් අප සතු බැවින් ශ්‍රී ලංකාව පුරා විසිරී සිටින ගනුදෙනුකරුවන් හට පහසු සේවාවන් පිරිනැමීමේ හැකියාව අපට ලැබී ඇත. සේවාලාභීන් වෙත වියදමකින් තොරව අප සපයනු ලබන සේවාවන් අතරින් කිහිපයක් :

ලබාදිය හැකි හොඳම නියමයන් හා අනුපාතිකයන් පිළිබඳ තොරතුරු ලබාදීම, වන්දි ලබාගැනීමට උපකාරී වීම ඇතුළු අළෙවියෙන් පසු ඉහළම කාර්යක්ෂම සේවාවක් සැපයීම.

පුළුල් වෙමින් පවතින අපගේ ශාඛා ජාලය හරහා ශ්‍රී ලංකාව පුරා ගනුදෙනුකරුවන් වෙත සේවාවන් පිරිනැමීම.

අවදානම ඇගයීමට උපකාර කිරීම – ඔබේ ආයතනය මුහුණපෑමට ඉඩකඩ ඇති අවදානම් තත්ත්ව සම්බන්ධයෙන් දැනට පවතින රක්ෂණ විධිවිධානයන් පරීක්ෂා කිරීමෙන් පසු, ඔබගේ තැකීම සම්බන්ධයෙන් සැලකිරීමට අපි පියවර ගන්නෙමු.

වෙළෙඳ පළ සම්බන්ධතා පාලනය – ජාත්‍යන්තර වශයෙන් කීර්තිමත් ප්‍රතිරක්ෂකයන් හා තැරැව්කරුවන් සමග සහයෝගයෙන් අප කටයුතු කරන නිසා, විශේෂිත හා විශාල අවදානම් සහගත රක්ෂණයන් ගැන විශේෂාකාරයෙන් සලකන විට ප්‍රත්‍යක්ෂ වශයෙන් වාසිදායක තත්ත්වයක් අප සතු ව ඇත. යම්කිසි විශේෂිත වර්ගයකට අයත් අවදානම් ක්ෂේත්‍රයක් උදෙසා පවතින දේශීය අය ක්‍රම ව්‍යවහාර කළ නොහැකි අවස්ථාවල දී, ඒ වෙනුවෙන් ලොව පුරා රක්ෂණ ආයතන කෙරෙන් මිලගණන් ලබාගෙන, ඒ අතරින් හොඳම මිල ගණනට සේවාදායකයා මනාප දේශීය රක්ෂණ සමාගමක් මගින් රක්ෂණාවරණය සලසාදීමේ හැකියාව ද අපට ඇත. එසේම දේශීය වශයෙන් ඉදිරිපත් කර නැති රක්ෂණාවරණයන් මෙරට රක්ෂණ සමාගමක් වෙතින් ලබාදීමේ හැකියාව ද අප සතුය.

අවදානම් ස්ථාපනය -මෙම සේවාව පිරිනැමීම වෙනුවෙන් ගනුදෙනුකරුවන් වෙතින් ගාස්තු අය නොකෙරේ. අප සතු ප්‍රවීණත්වය මත වත්මන් රක්ෂණ විධිවිධානයන් සමාලෝචනය කෙරෙන අතර වඩාත් හොඳ නියමයන් සැලසීම මගින් ගනුදෙනුකරුගේ රක්ෂණ පිරිවැය ස්ථීර වශයෙන්ම අඩු කළ හැකි වනු ඇත. වෙළෙඳ පළ සංවර්ධනයන් හා රක්ෂණ ආයතන විසින් සපයනු ලබන සේවාවන් කෙරෙහි අප නිරන්තර අවධානයෙන් පසු වන බැවින් ඵලදායී උපදෙස් ලබාදීමේ හැකියාව අපට ඇත.

වන්දි අය කරගැනීම – වන්දි අය කරගැනීම සඳහා අදාළ වන සෑම ආකාරයකම නියාමන හා ක්‍රමවේදයන් කෙරෙහි යොමුවීමට අවශ්‍ය පළපුරුද්ද අපට ඇත. මෙම වෙළෙඳ ක්ෂේත්‍රය තුළ අප කෙරෙහි ඇති පිළිගැනීම හා සබැඳි ප්‍රවීණත්වයත් සියලූම රක්ෂණ සමාගම් සමග වර්ධනය කරගෙන සිටින ඵලදායී මිත්‍රශීලී සම්බන්ධතාවනුත් නිසා සාධාරණ හා යුක්ති සහගත වන්දි ලබාගැනීමක් වෙනුවෙන් සාර්ථක ලෙස මැදිහත් වීමේ හැකියාව අපට තිබේ.

වන්දි ලබාගැනීම

ඔබට හිමි වන්දි ලබාගැනීම සම්බන්ධයෙන් කවරාකාරයක හෝ සහයෝගයක් ඔබට අවශ්‍ය වේ නම්, කරුණාකර පහත දැක්වෙන දුරකථන අංකයෙන් අප හා සම්බන්ධ වෙන්න:

හදිසි අනතුරක් සිදු වූ අවස්ථාවක දී වාහනයේ රක්ෂිතයා/රියැදුරා පහත දැක්වෙන ආකාරයෙන් කටයුතු කිරීම රක්ෂණ වන්දි ලබාගැනීමේ දී අවශ්‍ය වේ:

අනතුර ගැන රක්ෂණ සමාගමට දැනුම්දීම : රක්ෂණ සහතිකයේ දැක්වෙන හදිසි ඇමතුම් මධ්‍යස්ථානයේ දුරකථන අංකයට, අනතුර සිදු වූ ස්ථානයේ සිට නොපමා ව සිදුවීම දැනුම් දෙන්න. ඉන්පසු ඔවුන් ලබාදෙන උපදෙස් අනුව කටයුතු කරන්න.

අනතුර ගැන පොලීසියට දැනුම්දීම : මෝටර් වාහන පනතට අනුව, රථයේ රියැදුරා විසින් ළගම පිහිටි පොලිස් ස්ථානය වෙත අනතුර ගැන වහා දැනුම් දිය යුතුය.

වන්දි ලබාගැනීමට දැනුම්දීම : යම් හෙයකින් අනතුර සිදු වූ අවස්ථාවේ රක්ෂණ ආයතනයට දැනුම්දීමට නොහැකි වුවහොත්, පොලිස් පැමි‚ල්ලේ උධෘතයක් සම`ග හැකිතාක් කඩිනමින් අනතුර/අලාභය ගැන රක්ෂණ ආයතනයට දන්වා සිටිය යුතුය.

Central Finance Branch Map

වන්දි අයැදුම් කිරීම : වන්දි අයදුම් කිරීමේ දී, නිසි ලෙස සම්පූර්ණ කළ වන්දි අයැදුම් ආකෘති පත්‍රයක්, රියැදුරු බලපත්‍රයේ පිටපතක් සහ රක්ෂණ ආයතනය විසින් දෙනු ලබන කාල රාමුව තුළ අදාළ අලූත්වැඩියාවන් නිම කිරීම සඳහා රක්ෂණ ආයතනය වෙත යොමු කෙරෙන ඇස්තමේන්තුවක් සමග ඉදිරිපත් කළ යුතුය.

වන්දි ගෙවීමට අනුමැතිය : අලූත්වැඩියාවන් ඇරඹීමට පෙර ඒ සඳහා රක්ෂණ ආයතනය වෙතින් අනුමැතිය ලබාගත යුතුය.

අවසන් බිල්පත්, මුක්තාවශේෂ කොටස් හා පසු පිරික්සුම : අලූත්වැඩියා කටයුතු සම්පූර්ණ කිරීමෙන් පසු ඔබ විසින් අවසන් බිල්පත් ඉදිරිපත් කළ යුතු වේ. ඉවත් කළ කොටස් හා අලූත්වැඩියාවෙන් පසු රථය පරීක්ෂා කිරීමට රක්ෂණ ආයතනයට අවශ්‍ය නම්, ඊට අනුකූල ව කටයුතු කළ යුතුය.

3 වන පාර්ශ්ව වන්දි ලබාගැනීම : රක්ෂණ ආයතනයේ උපදෙස් අනුව මිස, (විදුලි පහන් කණු, දුරකථන කණු වැනි රජයට අයත් ස්ථාවර දේපළ හැර) 3 වන පාර්ශ්වයකට සිදු වූ අලාභ සඳහා කිසිදු ගෙවීමක් නොකළ යුතුය. එසේ නොවන ගෙවීම් සඳහා රක්ෂණ ආයතනය පසුව මුදල් ගෙවන්නේ නැත