සෙන්ට්‍රල් ෆිනෑන්ස් Masterminds පැණ විසඳුම්තරගය

19 අගෝස්තු 2019 විසින් CF Admin

සෙන්ට්‍රල් ෆිනෑන්ස් ආයතනය විසින් සංවිධානය කරනු ලබන Masterminds ප්‍රශ්න විචාරාත්මක තරගය ජුනි 29 වන දින ගල්කිස්ස හෝටලයේ දී සමාරම්භ කරන ලදී. මෙවැනි දැනුම මිනුම තරගයක් පැවැත්වීමේ අරමුණ සමාගමේ සේවක මඬුල්ල බුද්ධිමය පදනමක නිමග්න කිරීමයි. මෙම CF Masterminds ප්‍රශ්න විචාරාත්මක වැඩසටහන සඳහා කලාප 8කින් උද්‍යෝගිමත් තරගකරුවන් 300ක් පමණ සහභාගි වූ අතර, අවසාන මහා තරගයෙන් ජයග්‍රහණය ලබා, තමන් නියෝජනය කරන කලාපය සාඩම්බරයට පත්කරලීම ඒ සැමගේ අභිප්‍රාය විය.

විෂයානුබද්ධ අංශ කිහිපයක් යටතේ තරගකරුවන්ගේ බුද්ධිය සහ දැනුම මෙහිදී පිරික්සුමට භාජනය කරනු ලැබිණ. සමාගමේ අතීත තොරතුරු, ක්‍රීඩා, ඉතිහාසය, භූගෝල විද්‍යාව, දේශපාලනය, කලාව සහ සාහිත්‍යය එම විෂය අංශයන් විය. විජයග්‍රාහී ශූරතාව අත්පත් කරගන්නා ලද්දේ කොළඹ නගර කාර්යාලය විසිනි. මහනුවර ප්‍රධාන කාර්යාලය පළමු අනු ශූරතාව ද, 5 වන කලාපය දෙවන අනු ශූරතාව ද දිනාගැනීමට සමත් වූහ.

මෙම දැනුම මිනුම තරගය ඉදිරියේ දී වාර්ෂිකව පැවැත්වීමට සෙන්ට්‍රල් ෆිනෑන්ස් සමාගම අදහස් කර ඇත.

Licensed by the Monetary Board of the Central Bank of Sri Lanka under the Finance Business Act No.42 of 2011 and Finance Leasing Act No 56 of 2000 | Reg No: PQ 67| Credit Rating A-(lka) Outlook Stable affirmed by Fitch Ratings Lanka Limited