Insurance Protect all your Assets and Health with unmatched
services from CF Insurance Brokers
Contract Hire Drive your business forward with a fleet management
solution from CF Contract Hire

කුඩා හේරත් මහතා සෙන්ට්‍රල් ෆිනෑන්ස් අධ්‍යක්ෂ මණ්ඩලයට පත් කෙරේ

18 පෙබරවාරි 2019 විසින් CF Admin

2019 පෙබරවාරි 16 දින සිට සෙන්ට්‍රල් ෆිනෑන්ස් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයට කුඩා හේරත් මහතා පත් කරනු ලැබ ඇත. දැනට සීමාසහිත ඒ. බවර් සහ සමාගමේ විධායක අධ්‍යක්ෂවරයකු ලෙස සේවය කරන ඔහු, ව්‍යවහාරික රසායන විද්‍යාව පිළිබඳ ලන්ඩන්හි කිංස්ටන් විශ්වවිද්‍යාලයේ උපාධිධරයෙකි. පෝෂණය, පාරිභෝගික කටයුතු සහ අක්ෂි පළඳනා ව්‍යාපාර ක්ෂේත්‍රයන් ඔහුගේ අධීක්ෂණය යටතේ පවතී.

ශ්‍රී ලංකාවේ වෙළෙඳපළ තුළ ගෝලීය සන්නාම කළමනාකරණය හා සංවර්ධනය පිළිබඳ පෘථුල දැනුමක් ඔහු සතුය. මීට පෙර නෙස්ලේ ලංකා පීඑල්සී සමාගමේ අළෙවි හා අළෙවිකරණ ක්ෂේත්‍රයන්හි මැදි පෙළ කළමනාකරණ තනතුරු හෙබවූ ඔහුට, වේගයෙන් අලෙවි වන පාරිභෝගික භාණ්ඩ කර්මාන්ත ක්ෂේත්‍රයේ 25 වසරක පළපුරුද්දක් ඇත.

Licensed by the Monetary Board of the Central Bank of Sri Lanka under the Finance Business Act No.42 of 2011 and Finance Leasing Act No 56 of 2000 | Reg No: PQ 67| Credit Rating A (lka) Outlook Stable affirmed by Fitch Ratings Lanka Limited. Eligible customers’ deposits are insured under the Sri Lanka Deposit Insurance Scheme, subject to a maximum compensation limit of LKR 1,100,000 per customer.