සෙන්ට්‍රල් ෆිනෑන්ස් නව අළෙවිකරණ අධ්‍යක්ෂවරයා පත් කෙරේ

31 ජූලි 2018 විසින් CF Admin
CF Appoints Director Chandika Hettiarachchi

අළෙවිකරණ හා නිපැයුම් සංවර්ධනය පිළිබඳ සාමාන්‍යාධිකාරී චන්දික කුෂාන් හෙට්ටිආරච්චි මහතා සෙන්ට්‍රල් ෆිනෑන්ස් සමාගමේ අළෙවිකරණ අධ්‍යක්ෂ ධූරයට 2018 ජූලි 17 දින සිට පත් කරනු ලැබ ඇත.

සෙලින්කෝ සංවර්ධන බැංකුවේ ආයෝජන විශ්ලේෂකයකු ලෙස 1998 දී වෘත්තීය දිවිය ඇරඹූ චන්දික මහතා 2000 නොවැම්බරයේ දී ණය කළමනාකරු ලෙස සෙන්ට්‍රල් ෆිනෑන්ස් සමාගම හා සම්බන්ධ වූ අතර එතැන් සිට විධායක අධ්‍යක්ෂ ධූරයට පත් කරනු ලබන තෙක් ජ්‍යෙෂ්ඨ කළමනාකරු තනතුරු රැසක් හෙබවා ඇත. එක්සත් රාජධානියේ කලමනාකරණ ගණකාධිකාරවරුන්ගේ වරලත් ආයතනයේ (ACMA) සහ ජගත් කලමනාකරණ ගණකාධිකාරවරුන්ගේ වරලත් ආයතනයේ (CGMA) ගෞරවනීය සාමාජිකත්වය දරන ඔහු එක්සත් රාජධානියේ වේල්ස් සරසවියේ ව්‍යාපාර පරිපාලනපති (MBA) උපාධිධරයකුද වේ.

බැංකු නොවන මූල්‍ය සේවා අංශයේ 20 වසර ඉක්මවන පළපුරුද්දක් ලබා ඇති චන්දික හෙට්ටිආරච්චි මහතා ඉන් වසර 17කටත් වඩා සේවය පිරිනමා ඇත්තේ සෙන්ට්‍රල් ෆිනෑන්ස් පීඑල්සී සමාගම වෙනුවෙනි. තවද අන්තර්ජාතික මූල්‍ය සංස්ථාව ඇතුලු ජාත්‍යන්තර සංවර්ධන නියෝජිතායතන ගණනාවක් සඳහා උපදේශකවරයකු ලෙස පැවරුම් රැසක් ඔහු ඉටු කර ඇත. එසේම ඔහු සෙන්ට්‍රල් ෆිනෑන්ස් සමාගමේ පූර්ණ අනුබද්ධිත ආයතනයක් වන CF ඉන්ෂුවරන්ස් බ්‍රෝකර්ස් පෞද්ගලික සමාගමේ සහ ශ්‍රි ලංකා කල්බදු සංගමයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු ද වෙයි.

Licensed by the Monetary Board of the Central Bank of Sri Lanka under the Finance Business Act No.42 of 2011 and Finance Leasing Act No 56 of 2000 | Reg No: PQ 67| Credit Rating A-(lka) Outlook Stable affirmed by Fitch Ratings Lanka Limited