
සෙන්ට‍්‍රල් ෆිනෑන්ස් පීඑල්සී සමාගමේ සාමාන්‍යාධිකාරී (නීති) චාමින්ද සම්පත් හෙට්ටිආරච්චි මහතා 2021 ජූලි මස 01 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි සමාගමේ ආයතනික කටයුතු පිළිබඳ අධ්‍යක්ෂවරයා ලෙස පත් කරනු ලැබ තිබේ.
1999 වසරේ දී කොමර්ෂල් බැංකුවේ පුහුණුව ලබන විධායක නිලධාරියකු ලෙස වෘත්තීය ජීවිතය ආරම්භ කළ ඔහු, 2002 ජූලි මාසයේදී ණය අය කරගැනීම් අංශයේ කළමනාකරු ලෙස සෙන්ට්‍රල් ෆිනෑන්ස් සමාගමට සම්බන්ධ විය. එහි ජ්‍යෙෂ්ඨ කළමනාකරණ තනතුරු කිහිපයක් දැරූ ඔහු පසුව විධායක අධ්‍යක්ෂකවරයකු ලෙස උසස් කරනු ලැබි‚.
කොළඹ විශ්වවිද්‍යාලයේ නීතිවේදී උපාධිය (LL.B) ලබා ඇති සී. එස්. හෙට්ටිආරච්චි මහතා ශ්‍රී ලංකාවේ ශේ ්‍රෂ්ඨාධිකරණයේ නීතිඥයෙකි. එසේම ඔහු ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි කළමනාකරණ ආයතනයෙන් MBA උපාධිය ද ලබා ඇත.
මූල්‍ය ක්ෂේත්‍රයේ වසර 19කට වැඩි පළපුරුද්දක් ඇති ඔහු ඉන් වසර 18කට වැඩි කාලයක් සේවය කර ඇත්තේ සෙන්ට්‍රල් ෆිනෑන්ස් සමාගම වෙනුවෙනි. එම ව්‍යාපාර සමූහයට අයත් සමාගම් වන¦ සෙන්ට්‍රල් ඉන්ඩස්ටී්‍රස් පීඑල්සී, සීඑෆ් ඉන්ෂුවරන්ස් බ්‍රො ්කර්ස් (පෞද්), සීමාසහිත දෙහිගම හොටෙල්ස්, සෙන්ට්‍රල් ට්‍රාන්ස්පෝට් ඇන්ඩ් ට්‍රැවල්ස් සහ මාර්ක් මැරීන් සර්විසස් (පෞද්) යන සමාගම්වල අධ්‍යක්ෂවරයකු ලෙසද ඔහු සේවය කරයි.
ශ්‍රී ලංකා ලීසිං සංගමයේ (LASL) වත්මන් සභාපතිවරයා සහ ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශයේ (CRIB) අධ්‍යක්ෂවරයකු වන සී. එස්. හෙට්ටිආරච්චි මහතා, ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය පද්ධති ස්ථායිතා උපදේශන කමිටුවේ (FSSCC) සාමාජිකයෙකි. ඔහු ලංකා වාණිජ මණ්ඩලයේ LASL නියෝජිතයා සහ ලංකා වාණිජ මණ්ඩලයේ මූල්‍ය හා ප්‍රාග්ධන වෙළෙඳපොළ පිළිබඳ ජාතික න්‍යාය පත්‍ර කමිටුවේ සාමාජිකයකු ලෙස කටයුතු කර ඇති අතර, මූල්‍ය සමාගම් සංගමයේ (FHA) අධ්‍යක්ෂවරයකු ලෙස ද සේවය කර ඇත.