සෙන්ට‍්‍රල් ෆිනෑන්ස් අධ්‍යක්ෂ මණ්ඩලයට නව පත්වීම්

30 ජූනි 2020 විසින් CF Admin

2020 ජුලි මස 1 වන දින සිට බලපැවැත්වෙන පරිදි සෙන්ට‍්‍රල් ෆිනෑන්ස් පීඑල්සී සමාගමේ සභාපතිවරයා ලෙස අසිත තල්වත්ත මහතා නම් කරනු ලැබ තිබේ. එසේම, ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂවරයකු වශයෙන් මූල්‍ය සේවා විශේෂඥයකු වන මංජුල ද සිල්වා මහතා අධ්‍යක්ෂ මණ්ඩලයට පත් කරනු ලැබ ඇත.

මෙම පියවර ගනු ලැබුවේ, සමාගමේ සභාපති සහ ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂ ලෙස වසර නවයක සේවා කාලයක් සම්පූර්ණ කළ සී.එල්.කේ.පී. ජයසූරිය මහතා, ශ‍්‍රී ලංකා මහ බැංකුවේ 2008 අංක 03 දරණ ආයතනික පාලන නියෝගයේ 4 (2* වගන්තියේ අඩංගු විධිවිධාන ප‍්‍රකාරව 2020 ජුනි 30 දින විශ‍්‍රාම ගැනීම හේතුවෙනි.

අසිත තල්වත්ත මහතා 2016 ජුනි මාසයේදී සෙන්ට‍්‍රල් ෆිනෑන්ස් අධ්‍යක්ෂ මණ්ඩලයට බැඳුණේ ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂවරයකු ලෙසිනි. ඔහු ශ‍්‍රී ලංකාවේ වරලත් ගණකාධිකාරීවරුන්ගේ ආයතනයේ (CASL) සහ එක්සත් රාජධානියේ වරලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනයේ සාමාජිකයෙකි. ඔහු ඕලන්දයේ (නෙදර්ලන්තයේ* වාගෙනින්ගන් විශ්ව විද්‍යාලයෙන් සහ ICASL වෙතින් ව්‍යාපාර හා මූල්‍ය පරිපාලනය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමා ලබා ඇති අතර සහ ශ‍්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් MBA උපාධිය ලබාගෙන ඇත.

ඔහු වසර 37 කට වැඩි කාලයක් Ernst & Young සමාගම සමඟ වැඩ කර ඇති අතර ඉන් දශකයකට වැඩි කාලයක් කළමනාකරණ සහකරු ලෙස කටයුතු කළේය. ඔහු මහජන බැංකුවේ සහ SME(සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක) බැංකුවේ අධ්‍යක්ෂවරයකු ලෙස ද සේවය කර ඇති ඒ මහතා දැනට Management Systems Ltd සමාගමේ සභාපති ලෙස කටයුතු කරයි. තවද, Diesel & Motor Engineering PLC, Sunshine Holdings PLC, Tokyo Cement Lanka PLC, CT Holdings PLC, Chevron Lubricants Lanka PLC and Lanka Hospitals PLC ඇතුළු තවත් සමාගම් කිහිපයක අධ්‍යක්ෂ මණ්ඩල වල සේවය කරයි.

මංජුල ද සිල්වා මහතා කොළඹ විශ්ව විද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව පිළිබඳ ශාස්ත‍්‍රවේදී ප‍්‍රථම පංති ගෞරව උපාධියක් ලබා ඇති අතර එක්සත් රාජධානියේ ලන්ඩන් ව්‍යාපාරික පාසලෙන් MBA උපාධියක් ලබා ඇත. තවද ඔහු වරලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතන සාමාජිකත්වය පිළිබඳ  FCMA (UK) සහ CGMA ගෞරව නාමධාරියකු ද වෙයි. එසේම ඔහු ප‍්‍රංශයේ INSEAD ව්‍යාපාරික විදුහලේ සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ හාවඞ් ව්‍යාපාරික පාසලේ විධායක අධ්‍යාපනය හදාරා ඇත.

2020 පෙබරවාරි 1 වන දින සිට බලපැවැත්වෙන පරිදි ලංකා වාණිජ මණ්ඩලයේ මහලේකම් සහ ප‍්‍රධාන විධායක නිලධාරී ලෙස මෑතකදී පත් කරනු ලැබූ හෙතෙම, ඊට පෙර ජාතික රක්ෂණ භාර අරමුදලේ සභාපති ලෙසත්, ශ‍්‍රී ලංකාවේ සුරැුකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ සාමාජිකයකු ලෙසත්, රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශයේ උපදේශකයෙකු ලෙසත් සේවය කර තිබිණි.

ඔහු HNB Assurance PLC  හි කළමනාකාර අධ්‍යක්ෂවරයා ලෙස වසර 9ක් සේවය කර ඇති අතර තවත් වසර 2ක් එහි ප‍්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කර ඇත.

ඊට අමතරව,  Eagle NDB Fund Management Company Ltd සමාගමේ (වත්මන් NDB Wealth Management) , ආයතනික රේඛා හා මානව සම්පත් සාමාන්‍යාධිකාරී,  Eagle Insurance Co. Ltd (වත්මන් AIA Insurance ) සහ රාජ්‍ය ව්‍යවසාය ප‍්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් යන තනතුරු ද ඔහු හෙබවීය.

වර්තමානයේ ඔහු BPPL Holdings PLC  සමාගමේ විගණන කමිටු සභාපති හා ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂවරයකු ලෙස සේවය කරයි.

වැඩිදුර කියවන්න

Licensed by the Monetary Board of the Central Bank of Sri Lanka under the Finance Business Act No.42 of 2011 and Finance Leasing Act No 56 of 2000 | Reg No: PQ 67| Credit Rating A-(lka) Outlook Stable affirmed by Fitch Ratings Lanka Limited