Insurance Protect all your Assets and Health with unmatched
services from CF Insurance Brokers
Contract Hire Drive your business forward with a fleet management
solution from CF Contract Hire

සෙන්ට්‍රල් ෆිනෑන්ස් “පාක් ඇන්ඩ් ගෝ” දියත් කරයි

13 ජූලි 2018 විසින් CF Admin
Park And Go Launch Event

සෙන්ට්‍රල් ෆිනෑන්ස් සමාගමේ නිපැයුම් සමූහය අතරට අලූතින් එක් වූ “පාක් ඇන්ඩ් ගෝ” සේවාව පසුගිය මැයි 3 දා මාලබේ, පානදුර හා නිට්ටඹුව ශාඛා පරිශ්‍රයන් හි දී නිල වශයෙන් සමාරම්භ කරන ලදී. “පාක් ඇන්ඩ් ගෝ” යනු ශ්‍රී ලංකාව තුළ වාහන විකිනීම පිළිබඳ වැඩි වෙමින් පවතින ඉල්ලූම සපුරාලීමේ ඉලක්කය ඇති ව හඳුන්වාදෙන ලද නවතම සංකල්පයක් වන අතර, වාහන අළෙවිය, මිලට ගැනීම හා හුවමාරුව සඳහා මෙම නව සේවාව එකසේ මහෝපකාරී වනු ඇත.

වාහන හිමියන් හට මෙහි දී අත් වන ප්‍රධානතම වාසිය වන්නේ, තමන් කැමති “පාක් ඇන්ඩ් ගෝ” පරිශ්‍රයක දී තම වාහනය සුරක්ෂිත ව ප්‍රදර්ශනය කිරීමට හා ඒ සඳහා ලද හැකි හොඳම මිල ලබාගත හැකිවීමය. එසේම, නොමිලයේ ජාලගත ප්‍රචාරණය, විශේෂ ප්‍රවර්ධන සහ තෝරාගත් වාහන සඳහා හුවමාරු විකල්ප ද මෙහි දී හිමි වන අනෙකුත් ප්‍රතිලාභ අතරට අයත් වේ.

වාහන මිල දී ගන්නා අයට ද අත් වන ආකර්ෂණීය ප්‍රතිලාභ රැසකි. ඒ අතරට විවිධ මාදිලීන් රැසකට අයත් වාහන පරීක්ෂා කිරීමේ අවස්ථාව ලැබීම, තෝරාගත් වාහන සඳහා හුවමාරු විකල්ප හිමිවීම හා තරගකාරී මිල හා අඩුම පොලී අනුපාතික යටතේ ලීසිං පහසුකම් ලබාගැනීමට හැකිවීම සඳහන් කළ හැකිය. එකම වහලක් යට දී සියලූම ලීසිං පහසුකම් මෙන්ම රක්ෂණ සේවාවන් ලබාගත හැකිවීම ද අමතර පහසුවක් වනු ඇත.

Licensed by the Monetary Board of the Central Bank of Sri Lanka under the Finance Business Act No.42 of 2011 and Finance Leasing Act No 56 of 2000 | Reg No: PQ 67| Credit Rating A (lka) Outlook Stable affirmed by Fitch Ratings Lanka Limited. Eligible customers’ deposits are insured under the Sri Lanka Deposit Insurance Scheme, subject to a maximum compensation limit of LKR 1,100,000 per customer.